Current Date:මාර්තු 29, 2024

අවදානම් සාධක

දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළ යාමට සාධක කිහිපයක් හේතු වේ. නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව තුල ඇති යහපත් පැතිකඩ නම් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීම ප්‍රමාද කිරීම හෝ වළක්වා ගැනීමට ඇති හැකියාවයි. එම රෝගයේ අවදානම් ලක්ෂණ මතුවී තිබුනත් සිය ජීවන රටා වෙනස් කර ගැනීමෙන් මේ තත්වය වළක්වා ගැනිමේ හැකියාව පවතී.

වැළැක්වීමට ප්‍රථම අවදානම් සාධක හඳුනා ගනිමු.

  • අධික බර හෝ තරබාරු කම
  • දියවැඩියාව පිළිබඳ පවුලේ ඉතිහාසය
  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර
  • වාර්ගික පසුබිම
  • ශාරීරිකව අක්‍රිය හා උදාසීන ජිවන රටාව
  • අධි රුධිර පීඩනය
  • ගර්භණී දියවැඩියාවේ ඉතිහාසය
  • පූර්ව දියවැඩියාව (IGT හෙවත් ඉම්පෙයාර්ඩ් ග්ලූගෝස්  ටෝලරන්ස් යනු රුධිරයේ ඇති සාමාන්‍ය ග්ලූකෝස් ප්‍රමාණයට වඩා වැඩි එහෙත් දියවැඩියාව තත්ත්වය දක්වා එහි මට්ටම වැඩිවී නොමැති ඒ අතරමැදි තත්ත්වයයි.)

දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට වඩාත් හේතුවන එහෙත් වළක්වා ගත හැකි අවදානම් සාධක දෙක වන්නේ ක්ෂණික ආහාර පාරිභෝජනය කිරීම සහ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම අවම වීමයි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *