Current Date:අප්‍රේල් 26, 2024

ආහාර ලේබල් කියවමු!

හාර ඇසුරුම් ලේබලයේ සඳහන් කරුණු ගැන සැලකිලිමත් වෙමු.

ආහාරයක් මිලට ගැනීමේදි එහි ඇති ඇසුරුම් ලේබලයේ සඳහන් කරුණු අප එතරම් සැලකිල්ලෙන් පරික්ෂා නොකරන බව රහසක් නොවේ. නමුත් නිසි ආකාරයට ලේබලයේ සඳහන් කාරණා පිළිබඳ දැනුවත්ව ආහාර ලබා ගැනීමෙන් ඔබට ලැඛෙන ප්‍රයෝජන අසීමිත වේ. 

අප මිලදී ගන්නා ආහාරවල ඇසුරුම් ලේබල්, අපගේ පරිභෝජනය පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය බොහෝ තොරතුරුවලින් සමන්විත වේ. නිවැරදි සහ පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ආහාර පරිභෝජනය කිරීමට එය උපකාරයකි.

ආහාර ඇසුරුම් ලේබලයක බැලිය යුතුම දේවල් මොනවාද?

  1. ලබා ගත යුතු ප්‍රමාණය-

මෙය බොහෝ දෙනා පටලවා ගන්නා එකකි. තනි පුද්ගලයෙකු ලෙස අප ආහාරයට ගත යුතු ප්‍රමාණය, ලේබලයේ සඳහන් ප්‍රමාණයට වඩා ඉක්මවා යාම සාමාන්‍යයෙන් සිදු වන්නකි. නමුත් ගණනය කර බැලු විට ලබා ගත යුතු පෝෂක සහ කැලරි ප්‍රමාණ ඉක්මවා යමින් අප ආහාර පරිභෝජනය කර ඇත.

  1. කැලරි

ඇසුරුමේ සඳහන් ලෙස එක් අයෙකුට අදාළ කැලරි ප්‍රමාණය මඟින් ඔබට අවශ්‍ය ශක්තිය ලැබේ. ගැටලුව වන්නේ තනි පුද්ගලයෙකුගේ කැලරි පරිභෝජනය ඉක්මවා යමින් අප ඇසුරුමේ සඳහන් ආහාර ලබා ගත් විට සෞඛ්‍ය ගැටලු මතු වීමයි.

3. පෝෂ්‍ය කොටස්

සංතෘප්ත මේදය,සීනි සහ සෝඩියම් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩු කිරීමෙන් ඔබට අමතර කැලරි

ප්‍රමාණයක් මඟ හරවා ගත හැක. ඒ වෙනුවට තන්තු,විටමින් සහ ඛනිජ වැනි ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු නිෂ්පාදන ලබා ගත හැක.

  1. දෛනික ප්‍රතිශත වටිනාකම

ශරීරයේ අවශ්‍යතාවය මත අඩංගු ප්‍රමාණයෙන් එක් පුද්ගලයෙකුට ලබා ගත යුතු පෝෂණය මෙමඟින්

සඳහන් කරනු ලබයි. පෝෂ්‍ය පදාර්ථ මත පදනම් වෙමින් ඔබ වැඩිපුර ලබා ගත යුතු සහ අවම වශයෙන් ලබා ගත යුතු භාණ්ඩ තෝරා ගැනීමට මෙය ඔබට උපකාරී වේ.

  1. අඩංගු ද්‍රව්‍ය-නාමාවලිය

නිෂ්පාදනය දෙස බැලු විට එහි ප්‍රධාන අමුද්‍රව්‍ය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගත හැකි වේ. ඔබ විශේෂිත ආහාර අමුද්‍රව්‍යයකින් වැළකී සිටින විට හෝ අනුභව කිරීමට අවශ්‍ය විට ඒ පිළිබඳ දැනුවත් වීමට අඩංගු ද්‍රව්‍ය නාමාවලිය වැදගත් වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *