Current Date:මාර්තු 29, 2024

ඔබගේ පාද පිළිබඳ සැලකිලිමත් වීම

ධි රුධිර ග්ලුකෝස් මට්ටම තුළ හටගන්නා සංකීර්ණ ක්‍රියාවලීන් නිසා ඔබගේ කුඩා (microvascular damage) හා මහා (macrovascular damage) රුධිර නාල වලට හානි සිදුවේ. මෙලෙස කුඩා රුධිර නාල වලට සිදුවන හානියෙන් ඔබගේ සම දිරාපත්වී, පාදයේ ඇති ස්නායු දුර්වල කරයි.

ඒ අතර, මහා රුධිර නාල වල සිදුවන හානියෙන් සිරුරේ රුධිර සංසරණය බාල කර, ඔබගේ පාද වෙතට ලැබිය යුතු අවශ්‍ය රුධිරය, පෝෂණය හා ඔක්සිජන් සැපයීම හීන කරවයි. මේ තත්ත්වයන් වල එකතුවක් වශයෙන් ඔබට දියවැඩියාව නිසා හටගන්නා රෝගී පාදයක් හිමිවීමට ඉඩ ඇත.

එම තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

පාදයේ ආසාදනයට ලක්ව ඇති කොටස අනුව මෙම ලක්ෂණ වෙනස් වේ.

ඔබගේ ස්නායු වල සංකූලතා හට ගෙන ඇත්නම්, diabetic neuropathy යනුවෙන් ස්නායු වල රෝගී තත්ත්වයක් හට ගනී. එවිට ඔබට පෙන්නුම් කරන රෝග ලක්ෂණ වන්නේ පාදය හිරිවැටීම, අධික වේදනාව හා පාදයේ දැවිල්ල ස්වභාවයක්ය. තවදුරටත්, ඔබගේ රුධිර ග්ලුකෝස් මට්ටම ඉහළ අගයක් ගනීනම් ඔබගේ සම ද දුර්වල වී (Calluses and corns), බිඳීම් හා තුවාල වලට නිරාවරණය වේ.

ඔබගේ කුඩා රුධිර නාල වලට හානි වීමෙන්, ඔබට ඇති තුවාල සුවීමට කල් ගත වේ. මෙම රුධිර නාල නිසා පාදයට සිදුවන ආබාධ හේතුවෙන් පර්යන්ත ධමනි (peripheral arterial disease) තත්වය හා ඔබගේ පාදයේ දනහිස සිට විලුඹ දක්වා ඇවිදීමේදී වේදනාවක් හට ගනී.

තවද, ගැඹුරු කැපුම් තුවාල වන වණයක් ඔබගේ පාදයේ හටගැනීමෙන් සැරවා හා දුර්ගන්ධයක් පවතිවී. මෙය මරණය දක්වා දරුණු විය හැකි භායානක තත්ත්වයකි. මෙය සිදුවන්නේ ඔබගේ රුධිර නාල පද්ධතියේ ඇතිවන බැක්ටීරියා ආසාදනයක් හේතුවෙනි (sepsis).

ඒ තුළින් ඔබගේ පාදයේ පටක දිරාපත්වීම ද සිදුවිය හැකියි (gangrene). මෙහි රෝග ලක්ෂණ ලෙස සම සමඟ එහි ඇති සිනිඳු පටක හා මාංශ පේශී කුණුවීම ට ලක්වේ. මෙලෙස දිරාපත්වීමට ලක්වන පාදයේ ප්‍රදේශය අඳුරු පැහැයකට දිරාපත් වී, දුර්ගන්ධයක් ගෙන දේ.

දියවැඩියා පාදයක තත්ත්වය පාලනය කරන්නේ කෙසේද?

මේ සඳහා ඔබ වෛද්‍යවරයෙකුගේ සහය පැතීම අත්‍යාවශ්‍යයි. ඔබගේ පාදයේ තත්ත්වය අනුව ප්‍රතිකාර වෙනස් වන අතර, මෙහේදී සාමන්‍යයෙන් සිදුකරන්නේ තුවාල සුවකිරීම හා තවත් තුවාල ඇතිවීමට ඇති හැකියාව අදාළ උපකරණ ආදියෙන් වැළක්වීමයි. ආසාදන තත්ත්වයන් පෙන්නුම් කරන අවස්ථාවක ඔබට ප්‍රතිජීවක (antibiotics) ලබාගත යුතුවේ. Gangrene තත්වයෙන් පසුවන දරුණු තත්ත්වයේ දියවැඩියා පාදයක් සඳහා අනිවාර්යයෙන් සැත්කමක් සිදු කළ යුතුයි. එම සැත්කම් මැරුණු පටක ඉවත්කිරීමේ සිට පාදය ඉවත්කිරීම දක්වා යා හැකියි.

බොහෝ දුරට පාද හිස්ව (barefoot) ගමන් කරන ජනතාවක් සිටින ශ්‍රී ලංකාව වැනි රටක මෙම තත්ත්වය දරුණු විය හැකියි. මෙවැනි තත්ත්වයක් හඳුනා නොගැනීමෙන් හා ප්‍රතිකාර නොකිරීමෙන් පාදය ඉවත්කිරීම දක්වා එම තත්ත්වය දරුණු වීමේ සම්භාවිතාවයක් පවතී.

මෙම තත්ත්වයෙන් වැළකීම.

-සැමවිටම ආහාර පාලනය තුළින් සාමාන්‍ය රුධිර සීනි මට්ටමක් පවත්වාගෙන, වෛද්‍යවරයා විසින් දියවැඩියාවට ලබාදෙන බෙහෙත් එලෙසෙම භාවිතා කරන්න.

-පුරුද්දක් වශයෙන් ඔබගේ පාදයේ තුවාල, වණ හෝ වෙනත් රෝගී තත්ත්වයක් පෙන්නුම් කරයිදැයි විමසිලිමත්ව සිටින්න.

-උණුකර නිවාගත් ජලයෙන් හා සමට හිතකර සබන් භාවිතයෙන් ඔබගේ පාද සෝදා ගෙන, තුවායකින් තෙත මාත්තු කරන්න. ඔබගේ පාද බොහෝ වේලාවක් ජලයේ තබාගෙන සිටිමෙන් එය තවත් වියළි බවට පත්වේ.

-ඔබට සුවපහසු මේස් හා හොඳින් පාදයට හිරවෙන සපත්තු පාවිච්චි කරන්න. මේ සඳහාම නිෂ්පාදනය වූ දියවැඩියා රෝගින්ට වන සපත්තු කුට්ටම් ද වේ.

-දිවීම වැනි පාදයට බර දෙන ව්‍යායාම් වලින් වළකින්න. ඒ වෙනුවට ගැළපෙන සපත්තු පැළඳගෙන ව්‍යායාම් බයිසිකලයක් (exercise bike) පැදීම හෝ වේගයෙන් ඇවිදීම (brisk walking) සුදුසු වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *