Current Date:අප්‍රේල් 20, 2024

දියවැඩියාව පිළිබඳ දැනුවත් බව

දියවැඩියාව පිළිබඳ දැනුවත් බවෙන් සිටීම ඒ පිළිබඳ කල් තියා හඳුනා ගැනීමටත් එහි විපාකයන් හඳුනා ගැනීමටත් වැදගත් වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමට හැකි වේ. පළමු වර්ගයේ දියවැඩියාවේ එන  4 T  හඳුනා ගනිමු. Tired – ඔබට අධික ලෙස මහන්සිය දැනෙනවා ද? Toilet – ඔබ නිතරම වැසිකිළියට යනවාද? Thirsty –ඔබට දරාගත නොහැකි පිපාසයක් දැනෙනවා ද? Thinner –  ඔබ හදිසියේ ම බරෙන් අඩු වූවා ද?   මෙවැනි ලක්‌ෂණ තිබේ නම්  ඒවා වෛද්‍යවරයෙකුට පෙන්විය යුතු ප්‍රබල රෝග ලක්ෂණ වේ. එසේ කිරීමෙන් කල් ඇතිව රෝග විනිශ්චය ලබා ගත හැකි අතර එමඟින් දියවැඩියාවේ දිගු කාලීන සෘනාත්මක බලපෑම් සහ සංකූලතා වළක්වා ගත හැකිය.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *