Current Date:මාර්තු 28, 2024

දියවැඩියාව සහ ඔබේ වකුගඩු

ශරීරයේ ප්‍රතික්‍රියාවන් තුළින් නිපදවෙන රුධිරය තුළ ඇති වැඩිපුර ජලය ප්‍රමාණය, මුත්‍රා වල ඇති ලුණු ආදී පරිවෘත්තීය අපද්‍රව්‍ය පෙරා ඉවත්කිරීම වකුගඩු තුළින් සිදුකෙරේ. තවදුරටත්, වකුගඩු මඟින් රුධිර පීඩනය පාලනය කිරීම, ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියාගත යුතු හෝමෝන වර්ග නිපදවීමත් සිදු වේ. වකුගඩු මඟින් මෙසේ සිදු නොවීම නිසා විෂ සහිත පරිවෘත්තීය අපද්‍රව්‍ය  එකතු වීමෙන් තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුල පිරේ.

අක්‍රමවත් දියවැඩියාව පාලනය කිරීම නිසා මෙම nephropathy තත්ත්වය හටගනී. දියවැඩියාව ඇති රෝගීන් 4කින් එක් අයෙකුට මෙය වැළදීමේ සංභාවිතාවය ඉතාමත් ඉහළයි.

දියවැඩියාවේ nephropathy තත්ත්වය ඇතිවීමට බලපාන හේතු?

මෙහිදී ප්‍රධාන වශයෙන්, පාලනය නොවූ අධි රුධිර ග්ලුකෝස් මට්ටම් හේතුවෙන් වකුගඩු වල ඇති රුධිර නාල වලට හානි සිදුවේ. එම රෝගියාටම අධි රුධිර පීඩනය තිබීමෙන් මෙම තත්ත්වය තවත් උත්සන්න විය හැක.

අපි දැන් දියවැඩියාවේ nephropathy තත්ත්වය විටින් විට මතුවීම සඳහා දායක වන සාධක කිහිපයක් හඳුනා ගනිමු:

-අධි බර හෝ ස්ථුලභාවය.

-හෘද රෝග වැළදී තිබීම.

-පවුලේ කෙනෙකුට වකුගඩු ආශ්‍රිත ගැටලු තිබීම.

-කායික ක්‍රියාකරකම් වලින් මිදී උදාසීන ජීවන රටාවකට හුරුවීම.

-සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නොගැනීම.

-අධික ලෙස ලුණු සහිත ආහාර ලබාගැනීම.

-නිතරම දුම් පානය කිරීම.

-දියවැඩියාව හේතුවෙන් පෙනීමේ දුබලතා (diabetic retinopathy) හෝ ස්නායු ආබාද (diabetic

neuropathy) හට ගෙන තිබීම.

-අප්‍රිකානු- ඇමරිකානු, ඇමරිකානු- ඉන්දියානු හෝ හිස්පැනික්( Afro-American, American-Indian or Hispanic) යන ජාතීන්ට අයත් වීම.

මෙම තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

මෙහි ඇති භායනක කම වන්නේ ඔබගේ වකුගඩු බොහෝ දුරට දුර්වල වන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමයි. මෙම nephropathy තත්ත්වය වැළදුන බොහෝ දෙනෙකුට සාමන්‍ය ප්‍රමාණයකට මුත්‍රා නිපදවීම ද සිදුවේ.

Nephropathy තත්ත්වය දරුණු වූ විට පෙන්නුම් කරන ලක්ෂණ පහත වේ:

-බෙහෙත් මඟින් හෝ පාලනය කර ගත නොහැකි අධි රුධිර පීඩනය.

-මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වීම.

-පය, විලුඹ, අත් හා ඇස් ඉදිමීම.

-වරින් වර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය.

-මනස ව්‍යාකූල වී අවධානය යොමුකිරීමට අපහසු වීම.

-කෑම අරුචිය.

-වමනය සහ ඔක්කාරය.

-සම කැසීමට ලක්වීම.

-තෙහෙට්ටුව.

සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන වකුගඩු මඟින් ප්‍රෝටීන් පෙරා මුත්‍රා වලින් වෙන්කරයි. එම නිසා, දියවැඩියාවේ nephropathy තත්ත්වයේදි වරින් වර ප්‍රෝටීන් පරීක්ෂාවක් කරගැනීම ඉතාමත් වැදගත්. මේ සඳහා රුධිර පරීක්ෂාවක්ද කළ හැකියි.

Diabetic nephropathy තත්ත්වයට ප්‍රතිකාර කිරීම හෝ පාලනය කිරීම කරන්නේ කෙසේද?

අධි රුධිර පීඩනය හා සීනි මට්ටම් පාලනය කර ගැනීමෙන් මෙලෙස ඔබගේ වකුගඩු ඉක්මනින් පරිහානියට ලක්වීම නැවත්විය හැකියි.

මෙය මුල් අවධියේ තිබියදී, මෙලෙස ප්‍රතිකාර ලබාගැනීම නුවණට හුරු වේ:

-අධි රුධිර සීනි මට්ටම හිමොග්ලොබින් A1C (HbA1C) 7% ට අඩු මට්ටමකින් පවත්වාගැනීම සහ රුධිර පීඩන මට්ටම 140/90 mmHg ට අඩුවෙන් රඳාවාගැනීම කළ යුතුයි. මෙම පරාසයන් තුළ ඔබගේ සීනි හා පීඩන මට්ටම තබගැනීමට angiotensin-converting enzyme (ACE) inhibitors හා angiotensin II receptor blockers (ARB) යන බෙහෙත් වර්ග වෛද්‍ය අනුමැතිය අනුව එකතුකරගත හැක. ඒවායෙහි ඇති -pril හා -sartan යන ක්‍රියාකරි ද්‍රව්‍ය එම ක්‍රියාවලියේදී උපකාරී වේ.

-මුත්‍රා වල ඇති ප්‍රෝටීන් මට්ටම පාලනය කිරීම. එයට අදාළ බෙහෙත් මඟින් මුත්‍රා වල ඇති ඇල්බියුමින් (Albumin) ප්‍රෝටීනය ඉවත්කර, වකුගඩු හොඳින් සක්‍රීය කරයි.

-ඉහළ ගොස් ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගැනීම. ඒ සඳහා අදාළ බෙහෙත් වර්ග (statins) ලබාගනීමෙන් මුත්‍රා වල ඇති ප්‍රෝටීන් මට්ටමද පහතට වැටේ.

-කැල්සියම් පොස්පේට් සමබරතාවයට හේතුවන බෙහෙත් මඟින් ශරීරයේ ඇට මිඳුළු වල සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම.

නිවැරදි බෙහෙත් සමඟ නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම මෙම රෝගී තත්ත්වය මඟහරවාගැනීමට ඇති ලෙහෙසිම ක්‍රමයකි. ඔබගේ අහාර රටාව පහත ආකරයට අනුගමනය කළහොත් diabetic nephropathy තත්ත්වය අවම කර ගත හැක.

-ඔබගේ හදවතට සෞඛ්‍ය සම්පන්න වන ආහාර ඔබගේ වකුගඩු වලටද ආදේශ කරගත හැක. බැඳුම් අහාර හැර හුමාලයෙන් තම්බාගත්, පුළුස්සගත් හා අඩු තෙල් ප්‍රමාණයක බැඳගත් අහාර අනුභවයට යොදාගන්න. අහිතකර මේදය ඉවත්කර ඇති මස් වර්ග, ඔලිව් තෙල් හා කැනෝලා තෙල් ආහාර වලට එකතුකරගැනීම වඩාත් වැදගත්. අහිතකර මේද අම්ල වන saturated fatty acids සහ trans fatty acids  ආහාර ලෙස යොදාගැනීම අවම කිරීමෙන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට ඔබ හුරුවේ.

-අඩු පොස්පරස් අඩංගු ආහර හා බීම ජාති තෝරාගැනීමෙන්, ඔබගේ රුධිරයේ ඇති පොස්පරස් මට්ටම ඇට මිඳුළු වලින් කැල්සියම් උරා ගැනීම වළක්වා, අස්ථි බිදීම් ආදියෙන් ඔබව පරිස්සම් කරයි. එසේ නොමැතිවුවහොත්, අධික පොස්පරස් මට්ටමක් නිසා සම කැසීමට ලක්වීම හා අස්ථි වල වේදනාවක් හට ගත හැක. පොස්පරස් අඩු ආහාර ලෙස ඔබට එලවළු, පලතුරු, පාන්, පාස්තා, බත්, ධාන්‍ය වර්ග, ඉරිඟු සහ තේ යොදාගත හැකියි.

-දිනකට ලබාගන්නා පොටෑසියම් ප්‍රමාණය පිළිබඳවද ඔබ සැළිකිලමත් විය යුතුයි. වකුගඩු හානි වී තිබෙන අයගේ වැඩිපුර පොටෑසියම් ප්‍රමාණයන් එකට එකතුවී, බරපතල හදවත් රෝග හට ගැනීමට ඉඩ ඇත. එම නිසා ඔබ ලබාගත යුතු අඩු පොටෑසියම් අඩංගු ආහාර වන්නේ ඇපල්, මිදි, පීචස්, කැරට්, බෝංචි, සුදු පාන්/ හාල්, පාස්තා හා ධාන්‍ය වර්ගයි.

-දිනකට සෝඩියම් ලුණු 2,400 mg වලට අඩු හෝ තේ හැන්ඳෙන් 3/4ක් වන පරිදි ලුණු භාවිතය අවම කර ගැනීම.

-ප්‍රෝටීන් නිවැරදි වර්ගයෙන් හා ප්‍රමාණයෙන් ලබාගැනීම. වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයන් හේතුවෙන් වකුගඩු වලට අහිතකර බර ප්‍රමාණයක් එකතුවේ. මෙම ගැටලුව හේතුවෙන් diabetic nephropathy රෝගීන් ට ඉතාමත් අඩු වශයෙන් ප්‍රොටීන් ලබාගැනීමට අනුමත කරයි.

සත්ත්ව ප්‍රෝටීන්:

  • 1 ආහාර කොටසකට (1 serving)- අවුංස 2-3/ එක් අත්ලක ප්‍රමාණයක්.
  • 1 කිරි ආශ්‍රිත අහාර කොටසකට (1 serving of dairy products)- තනි කිරි හෝ යෝගට් කෝප්ප 1/2 ක්, එක් චීස් තීරුවක් (sheet of cheese)

එළවළු ප්‍රෝටීන්:

  • රනිල කුලයට අයත් ඇට වර්ග (1 serving of legumes)- කෝප්ප 1/2ක්
  • 1 බෝංචි කොටසකට (1 serving of beans)- කෝප්ප 3/4ක්
  • 1 ධාන්‍ය කොටසකට (1 serving of cereals)- එක් පාන් පෙත්තක්, බත් හෝ නූඩ්ල්ස් කෝප්ප 1/2ක්

දියවැඩියා neuropathy හේතුවෙන් වකුගඩු බරපතල ලෙස අකර්මන්‍ය වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

-වකුගඩු කාන්දු පෙරීම (dialysis) මෙමඟින් රුධිරයේ ඇති වැඩිපුර දියර හා පරිවෘත්තීය අපද්‍රව්‍ය (metabolic watse) ඉවත් කෙරේ. Hemodialysis සහ Peritoneal dialysis යනුවෙන් මෙහි දෙවර්ගයක් ඇත. Hemodialysis සතියකට දින 2-3ත් අතර කිරීමෙන් අනතුරුව රෝහලකින් කරවා ගත යුතුයි. Peritoneal dialysis යනු නිවසේදීම කර ගත හැක්කකි.

-ඉහත ක්‍රමය තව දුරටත් ඵලදායි නොවන අවස්ථාවකදී වකුගඩු බද්ධ කිරීමකට යාමට සිදුවේ. එම අවස්ථාවට මුහුණ දීම සඳහා අදාළ රෝගින් පහත කරුණු වලින් සමන්විත විය යුතුයි.

වකුගඩු දායකාගේ රුධිර වර්ගයට ගැළපීම.

ශරීරයේ ප්‍රතිශක්තීකරණය ස්වභාවයෙන් නරක අතට හැරීමේ රෝග නොමැතිවීම

අසාදන තත්ත්වයකින් පසු නොවීම.

පිළිකාවකට ගොදුරු නොවූවෙකු වීම.

හදවත සෞඛ්‍ය සම්පන්න ලෙස පැවතීම.

මෙම ක්‍රම අනුගමනය නොකළහොත් diabetic nephropathy රෝගියකුගේ ජීවත් වීමේ කාලය තවත් මාස ගණනකට පමණක් සීමාවීමට ඉඩ ඇත. එම නිසා වෛද්‍යවරුන් නිතරම උත්සහ දරන්නේ එම රෝගියාට ඇති රෝග ලක්ෂණ වලට ගැළෙපෙන පරිදි ප්‍රතිකාර වලට යොමුකිරීමයි.

දියවැඩියාවෙ nephropathy  තත්ත්වය වළක්වාගැනීම.

-අදාළ සීනි මට්ටම් දිගුකාලීනව රඳවාගැනීම උදෙසා දියවැඩියාව පාලනය කර ගැනීම.

-අධි රුධිර පීඩනය හා අනෙකුත් සෞඛ්‍ය ගැටලු පාලනය කර ගැනීම.

-බෙහෙත් වට්ටොරුවකින් තොරව වෙනත් බෙහෙත් වර්ග භාවිත කිරීම. මෙලෙස ඇස්ප්‍රින්, අයිබෝපෘෆීන් හා පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ග ලබගැනීමෙන් මෙම රෝගින්ගේ වකුගඩු වල තත්ත්වය තවත් නරක අතට හැරිය හැක.

-පෝෂ්‍යදායි අහාර රටාවකට හුරුවෙමින්, නිතිපතා ව්‍යායාම් කරමින්, දුම් බීමෙන් වැළකීමෙන්, සිරුරේ සාමන්‍ය බරක් පවත්වාගනිමින් හා අවශ්‍ය පරිදි සුව නින්දක් (පය 7-8ත් අතර) ලබාගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට පුරුදු වීම.

ඔබගේ ස්නායු රෝග විශේෂඥවරයා (Nephrologist) ඔබගේ රෝගී තත්ත්වයට අනුව ඔබ අරමුණු කරගතයුතු සැලැස්මක් හා එමඟින් ලබාගත යුතු ප්‍රතිඵල ඔබට ලබාදෙන අතර ඔබගේ ආහාරවේදියා (Dietician) ඒ වනවිටත් වෙහෙසට පත්ව ඇති ඔබගේ වකුගඩු වලට සරිලන පරිදි අහාර රටාවක් සකසා දෙයි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *