Current Date:අප්‍රේල් 19, 2024

දියවැඩියාව

දියවැඩියාව යන නම ඇසුණු විගස බොහෝ දෙනා බිය වන වචනයකි. මෙම බියට හේතුව වන්නේ මෙය දීර්ඝ කාලයක් ප්‍රථීකාර කළ යුතු රෝගයක් වීමත් එම තත්ත්වය නිසි ආකාරව පාලනය නොකිරීමෙන් ඇතිවන විවිධ සංකූලතා ගැන දැනුවත් බවක් නොමැති වීමත්ය. නමුත් නිසි ආකාරව පාලනය කිරීමෙන් අපට දියවැඩියාව හේතුවෙන් ඇති වෙන නොයෙකුත් සංකූලතා මඟ හරවා ගත හැක. දියවැඩියාව සාර්ථකව කළමණාකරණය කිරීමට නම් දියවැඩියා රෝග ලක්ෂණ ගැන කල් තියා දැනුවත් විය යුතුය. නමුත් බොහෝ දෙනා ඒ පිළිබඳ දැන ගන්නේ දියවැඩියා රෝගී ලක්ෂණ මතු වීමෙන් පසුවය. එවැනි සංකූලතා හෙවත් රෝගී ලක්ෂණ ලෙස පෙනීම දුර්වල වීම, වකුගඩු දුර්වලතා හඳූනා ගත හැක.

දියවැඩියාව ගැන දැන ගමුද?

ඔබේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කිරීමට ශරීරයට ඇති හැකියාව බිඳ වැටුණු විට දියවැඩියාව ඇති වේ. රුධිරයේ ග්ලුකෝස් පාලනය එතරම් වැදගත් වන්නේ ඇයි? ග්ලුකෝස්, ශරීරයේ ඇති සෑම සෛලයකම ශක්ති ගබඩාවක් ලෙස ක්‍රියා කරමින්, ෙසෙලයේ ක්‍රියාකාරීත්වයට උපකාර කරයි.

ඉන්සියුලින් යනු ශරීරයේ ඇති රුධිර සීනි මට්ටම පාලනය කිරීමට අග්න්‍යාශයේ නිපදවෙන හෝමෝනයකි. මෙම හෝමෝනය මඟින් සෑම සෛලයකම ක්‍රියාකාරීත්වයට නිසි ලෙස ග්ලුකෝස් ලැඛෙන බවට සහතික කරයි. මිනිසාගේ සෛල මඟින් සීනි ශක්තිය බවට පත් කරමින් අතිරික්ත සීනි අක්මාව තුළ ගබඩා කරනු ලබයි. ඉන්සියුලින් බල මහිමය නිසා අපේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට හැකිව තිබේ.

කෙසේ නමුත් ඉන්සියුලින් නිපදවෙන්නේ නැතිනම් නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණවත් නැත්නම් නිපදවෙන ඉන්සියුලින් නිසි ලෙස ක්‍රියා නොකරයි නම් රුධිරයේ ග්ලුකෝස් පාලනය දුර්වල වීමෙන් හා ග්ලුකෝස් මට්ටම ඉහළ යාමෙන් දියවැඩියා තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතී. මේ නිසා දියවැඩියාවට ඉක්මනින් ප්‍රතිකාර කිරීමෙන් ඇතිවන අක්ෂි රෝග සහ අක්මාව ආශ්‍රිත ගැටලූ පහසුවෙන් මඟ හරවා ගත හැක.

මොකක්ද මේ P3

දියවැඩියාව පිළිබඳ ඉඟි පෙන්වන ලක්ෂණ 3කි. ඒවා පොලිපේගියා, පොලියුරියා සහ පොලිඩිප්සියා නම් වේ.

  1. පොලිපේගියා- නිතර නිතර එන පොඩි බඩගිනි

දියවැඩියාව ඇති වීමට පෙර අවධියේදි ඔබට නිතර බඩගිනි දැනෙයි නම් එය දියවැඩියාව පිළිබඳ පූර්ව ලක්ෂණයකි. මෙය සිදුවන්නේ  ඉන්සියුලින් නොමැතිකම නිසා ශරීරයට ග්ලුකෝස් භාවිතා කිරීමට නොහැකි වීමෙනි. එවිට සෛල මඟින් ශරීරයට තව තවත් ආහාර අවශ්‍ය බවට සංඥාවක් මොළයට යවනු ලබයි. දියවැඩියා රෝගීන් කොපමණ සීනි ප්‍රමාණයක් ලබා ගත්තද එය සෛල වලට භාවිිතා කළ නොහැක.

  1. පොලියූරියා – නිතර නිතර එන මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවයන්

රුධිරයෙන් ග්ලුකෝස් පෙරීම සහ ග්ලුකෝස් ගබඩා කිරීම වකුගඩුවල කාර්යයකි. රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින විට වකුගඩුවලට හොඳින් ක්‍රියා කිරීමට නොහැකි වේ. එහි ග්ලුකෝස් මුත්‍රා සමග පිටවන අතර නිතර නිතර මුත්‍රා පිටවීම එහි ප්‍රතිඵලයයි. සීනි මඟින් ජලය ඇද ගන්නා නිසා නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වෙයි.

  1. පොලිඩිප්සියා- නිතර නිතර එන වතුර පිපාසය

මුත්‍රා මඟින් විශාල ලෙස ජල පරිමාවක් ශරීරයෙන් ඉවත් වෙයි. එය ශරීරයට වැඩි ජල ප්‍රමාණයක් පිටතින් ලබා ගැනීමට හේතුවන්නකි.

වෙනත් රෝග ලක්ෂණ

පහත දැක්වෙන්නේ දියවැඩියාවේ මුල් රෝග ලක්ෂණ වේ. මෙයින් එක් ලක්ෂණයක් හෝ ඔබට තිබේ නම් ඔබේ පෞද්ගලික වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

ශරීරයේ බර අඩු වීම

ශරීරයේ ශක්ති අවශ්‍යතා සපුරාලීමට මේද සංචිත ග්ලුකෝස් බවට පත් කරයි. ශරීරයේ ශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මේදය ශක්තිය බවට පත් කිරීම හේතුවෙන් ශරීරයේ බර අඩු වීම සිදුවේ.

ඉක්මනින් වෙහෙසට පත්වීම

ශක්තිය අඩුවීම ශරීරය වෙහෙසට පත් වීම වැඩි කරයි.

සුව වීමට කල්ගත වන තුවාල

තුවාල සුව වීමට අසාමාන්‍ය ලෙස කාලයක් ගත වීමත් එක් ලක්ෂණයකි.

නිතර සිදුවන ආසාදන තත්ත්වයන්

දත්, මුත්‍රා සහ කන් ආශ්‍රිතව දියවැඩියා රෝගීන්ට බහුලව ආසාදන ඇති වේ. රුධිරයේ ඇති ග්ලුකෝස් පරිමාව ඉහළ යාමෙන් ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වීම මෙම ආසාදනවලට හේතුවයි.

පෙනීමේ දුර්වලතා

ඇසේ රුධිර නාලවලට හානි වීම නිසා පෙනීමේ දුර්වලතා මතු විය හැක.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *