Current Date:අප්‍රේල් 18, 2024

නිවැරදි ආහර වේලක් ලබා ගන්නේ මෙහෙමයි!

රණ ආහාර රටාවෙන් මිදෙමු ද?

අපි දිනපතා ආහාර ගත්තත් අප පරිභෝජනය කරන්නේ කුමක්ද යන්න වැඩිපුර අපි සිතන්නේ නැත. ආහාර රටාව යනු ඉතා අවදානම් සහගත එකකි. එය හෘද රෝග සහ දියවැඩියාව ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට සම්බන්ධ වෙයි. එම නිසා පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.

අප ආහාරයට ගත යුතු ප්‍රධාන ආහාර කාණ්ඩ 5ක් ඇත. විවිධත්වයක් සහිත මෙම ආහාර කාණ්ඩ ඔබේ ආහාරයට එක්කර ගැනීමෙන් නිිරෝගීව දිවි ගෙවීමකට උපකාරී වේ.

සමබර ආහාර වේලක් යනු කුමක්ද

  1. පළතුරු

පළතුරු යනු විටමින්, ඛනිජ සහ තන්තුවලින් සමන්විත වූවක් වන අතර එය අවම සීනි සහ අවම මේද සංයුතියකින් අමතර කෙටි කෑමක් ලෙස ඔබට පහසුවෙන් ලබා ගත හැක. විවිධ වර්ගයේ, විවිධ වර්ණයෙන් විවිධ පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත පළතුරු ආහාරයට ගැනීමට ඔබත් උත්සහ කරන්න.

  1. එළවළු

අමු හෝ පිසින ලද කොළ පැහැති එළවළු යනු විටමින් සහ ඛනිජ ලවණ ප්‍රභවයන් වේ. පළතුරු මිලට ගැනීමේදි මෙන් විවිධත්වයෙන් යුත් විවිධ වර්ණයේ කොළ පැහැ එළවළු මිලදී ගන්න.

විවිධ වර්ගයේ පළතුරු සහ එළවළු මිලෙන් ඉතා අඩුවන අතර ඉහළ නැවුම් බවකින් යුක්ත වේ. ඉරිදා පොළෙන් ඔබට මෙවැනි එළවළු පළතුරු රැසක් මිලට ගන්නට පුළුවන්.

  1. ධාන්‍ය

පිරිසිදු කළ ධාන්‍ය ආහාරයට ගැනීම ඉතා වැදගත් වේ. එමඟින් ඔබට තන්තු සහ ප්‍රෝටීන වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැක.

  1. ප්‍රෝටීන්

අපගේ සිරුර ප්‍රෝටීන ඇසුරින් සැකසී බැවින් ශරීරය පවත්වා ගෙන යාමට ප්‍රෝටීන ඉතා අවශ්‍ය වේ. නමුත් වෙළඳපොළෙහි ඇති සකස් කළ මස්වල බොහෝ දේ අන්තර්ගත වන නිසා මේ සඳහා සුදුසු වන්නේ නැත. තෙල් රහිත මස්, කුකුල් මස්, බිත්තර, කිරි යන ආහාර පෝටීන් සඳහා හොඳ ප්‍රභවයකි. ශාක ආහාර ඇසුරින්ද ඔබට ප්‍රෝටීන් ලබා ගැනීමේ හැකියාව පවතී.

  1. කිරි

කිරි සහ ආශ්‍රිත ආහාර මඟින් අස්ථී ශක්තිමත් වීම සඳහා සහය වන කැල්සියම් අඩංගු වේ. අධික මේදය සහ සීනි අන්තර්ගත කිරි ආහාර මඟ හරිමින් අවශ්‍ය පෝෂණය පමණක් ලබා ගැනීම මෙහිදී ඉලක්ක කර ගත යුතු වේ.

ඉහත කාරණා ගැන සැලකිලිමත් වීමෙන් ඔබටත් සමබර ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව පවතී.

සමබර ආහාර වේලක් එතරම් වැදගත් වන්නේ ඇයි?

  • දෛනික ක්‍රියාකාරීත්වය සදහා ශරීරයට අවශ්‍ය ශක්තිය මෙමඟින් සපුරාලයි.
  • කඩ කෑම වැනි පෝෂ්‍ය ගුණයෙන් අවම ආහාර ගැනීමෙන් වළක්වයි.
  • ශරීරය රෝගාබාධ තෙහෙට්ටුවලට ගොදුරු වීමෙන් වළක්වයි.
Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *