Current Date:අප්‍රේල් 18, 2024

රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම

දියවැඩියාව පාලනයේදි ප්‍රධාන අරමුණක් වන්නේ රුධිරයේ සීනි මට්ටම එක් නිශ්චිත පරාසයක තබාගැනීමයි. එමඟින් දියවැඩියාව ආශ්‍රිත වෙනත් සංකූලතා මතුවිය හැකියි. මේ සඳහා සමබර ආහාර වේලක්, කායික ක්‍රියාකරකම්, බෙහෙත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන පුරුදු ඇතිකරගැනීම වැදගත්.

නිතිපතා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමෙන් ඔබගේ දියවැඩියා තත්ත්වයේ පාලනය කෙසේදැයි නිගමනය කළ හැක. එම නිසා, සීනි මට්ටම පිළිබඳ සටහනක් තබාගෙන, වෙනස්කම් හඳුනාගෙන, ඒවාට හේතු වූ කරණු සොයාගැනීම අවශ්‍ය වේ.

කොපමණ කාලයකට වතාවක්, කෙසේ සීනි මට්ටම පරීක්ෂා කළ යුතු දැයි තීරණය වන්නේ ඔබ කුමන වර්ගයේ දියවැඩියා තත්ත්වකින් පෙළෙනවාද හා ඔබගේ බෙහෙත්, ආහාර පාලනය සහ ඔබ නිරත වන්නා වූ කායික ක්‍රියාකාරකම් මතයි.මේ සඳහා ඔබගේ වෛද්‍යවරයා ඔබට උපදෙස් ලබදෙනු ඇත.

රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට පොදු වේලාවන් වන්නේ:

-උදෑසන ආහාරයට පෙර.

-ආහාර වේලකට පැය දෙකකට පසු.

-නින්දට යාමට පෙර.

-අසනීප තත්ත්වයෙන් පෙළෙන විට.

මෙලෙස නිතිපතා පරීක්ෂාවෙන් ඔබගේ සෞඛ්‍ය පුරුදු කොයි තරම් දුරකට ඵලදායි වී ඇත්දැයි ඔබටම අදහසක් ලබා ගත හැකිවේ. තවද, රුධිර සීනි මට්ටමේ රටාව හදුනාගෙන ඔබගේ ප්‍රතිකාර පවත්වාගෙන යාමට හෝ වෙනස් කිරීමට පියවර ගැනීමට වෛද්‍යවරයා හට අවස්ථාව උදා වේ. මේ කටයුතු මඟින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පාලනය වන ආකාරය පිළිබඳ ඔබට විශ්වාසයක් ඇතිවේ.

රුධිරයේ සීනි මට්ටම වෙනස් වීමට හේතු.

සීනි මට්ටම අඩු හෝ වැඩි වීමට හේතු කිහිපයක් පහත සඳහන් වේ:

–ආහාර ගැනීමට ප්‍රමාද වීම හෝ ආහාර වේලක් අතපසු කිරීම.

-ඔබ ගන්නා ආහාර වල ඇති කාබෝහයිඩ්‍රේට් වර්ගය හා ප්‍රමාණය.

-ව්‍යායාම්.

-ප්‍රතිකාර/ බෙහෙත් වෙනස්කිරීම.

-මත්පැන්.

-නොයෙකුත් අසනීප තත්ත්වයන්.

මෙම හේතු නිසා හෝ ඔබගේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු හෝ වැඩි වෙනවානම්, වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

නිවසේදීම පරීක්ෂා කිරීම.

දැන් නිවසේදීම රුධිරයේ සීනි මට්ටම නිවැරදිව පරීක්ෂා කරගැනීමට හැකියාව ඇත.

ඔබට අවශ්‍ය වන්නේ:

-රුධිර ග්ලුකෝස් මට්ටම මැනීමේ මීටරය. (A blood glucose meter)

-රුධිර සාම්පලයක් ලබාගැනීම සඳහා අවශ්‍ය උපකරණයක්. (Lancet device)

-රුධිර සාම්පලය පරීක්ෂා කිරීමට අවශ්‍ය තීරු. (Test strips)

උපදෙස්:

  1. ඔබේ අත් හොඳින් සොදා ගෙන ග්ලූකෝස් මීටරයට ටෙස්ට් ස්ට්‍රිප් එකක් දමන්න.
  2. රුධිර සාම්පලය ලබාගන්නා උපකරණයෙන් ඔබගේ එක් ඇඟිලි තුඩකින් ලේ බිංදුවක් ලබාගන්න.
  3. ලේ බිංදුව ටෙස්ට් ස්ට්‍රිප් එක මතට ගන්න.
  4. ඉන්පසුව ග්ලූකොස් මට්ටම මීටරයේ සඳහන් වන අතර, මෙය අදාළ උපකරණයෙන් උපකරණයට වෙනස් විය හැකි නිසා භාවිතා කිරීමේදි පිළිපැදිය යුතු කරුණු දෙස අවධානය යොමුකරන්න.
  5. එලෙස ඔබ ලබාගන්නා සෑම රුධිර මට්ටමකම කියවීම සටහන් පොතක හෝ ජංගම දුරකථන App  එකක වාර්තා කරගන්න.

HbA1c

ඔබ නිවසේදී ලබාගන්නා රුධිර සීනි මට්ටමෙන් දෛනික සීනි මට්ටම පරීක්ෂාවනවා සේම, HbA1c මඟින් කොපමණ දුරකට ඔබගේ රුධිර සීනි මට්ටම පසුගිය මාස 2ක 3ක කාලය ඇතුලත පාලනය වී ඇත්දයි පෙන්නුම් කරයි. මෙය අවුරුද්දකට එක්වතාවක් හෝ දෙවතාවක් කරනු ලබන්නකි.

ඉලක්ක කළයුතු පරාසය.

මෙය කෙනෙකුගේ වයස, දියවැඩියාව වැළදී ඇති කාල සීමාව,ලබාගන්නා බෙහෙත් හා වෙනත් වෛද්‍ය සංකූලතා මත වෙනස්වේ. ඔබ කුමන වර්ගයේ දියවැඩියා රෝගයකින් පෙලුනත් ඔබගේ HbA1c අගය 70% ක රඳවා ගැනීමෙන් දියවැඩියා රෝගියකුට ඇතිවිය හැකි දිගුකාලීන සංකූලතා මඟහරවා ගත හැක.

 

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *