Current Date:මාර්තු 29, 2024

සංචාරක මාර්ගෝපදේශකය

බගේ රෝගී තත්ත්වයට ඔබ විනෝදවීමෙන් වැළක්වීමට ඉඩ නොදෙන්න. ඔබගේ අවශ්‍යතාවය වෙනදා මෙන් සංචාරය කිරීමටනම්, පසුවට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන ලෙස සැලැස්මක් සකසාගත යුතුයි.

-ඔබ එම විනෝද ගමන යාමට පෙර නිතිපතා ඔබේ වෛද්‍යවරයා ලවා ඔබේ පරීක්ෂාවන් කරගන්න.

-ඔබේ ගමන ගැන ඔබගේ සෞඛ්‍ය පිළිබඳ ව වගකීමෙන් සිටින අදාළ පාර්ශවයන් දැනුවත් කර තබන්න, එමඟින් ඔබට ඔබගේ කෑම පාලනය හා බෙහෙත් ගැන ද තීරණය කළ හැකියි.

-ලබාගන්නට නියමිත කිසියම් එන්නතක් තිබේනම් සති 4කට පමණ පෙර ලබාගන්න, එවිට ඔබට බලපෑ හැකි අතුරු ප්‍රතිඵල අවම වෙයි.

-ඔබ ලබාගන්නා බෙහෙත් වර්ග වල පොදු නමක් හා එහි මාත්‍රාව ඖෂධවේදියකුගෙන් අසා දැනගන්න.

-ඔබ ඉන්සියුලින් බාහිරින් ලබාගන්නා කෙනෙක්නම්, එහි වර්ගය හා මාත්‍රාව සටහන් වී ඇති විස්තරයක් රැගෙන යන්න. එම ඉන්සියුලින් මාත්‍රාව කෙටි කාලීනව, ඉතා ඉක්මනින් හෝ මධ්‍යම වශ‍යෙන් ක්‍රියාකාරි වන්නක් බවටද ඔබ දැන ගත යුතුයි.

-විශේෂයෙන්ම ඔබ සිරින්ජ හා කටු වැනි ද්‍රව්‍ය රැගෙන යනවානම්, බොහෝ දුරට ඔබට ගුවන්තොටුපලේදී එය තහවුරු කිරීමට අවශ්‍ය වන ලිඛිත අවසර පත්‍රයක් ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබාගන්න.

-රුධිර සංසරණය බාධාවකින් තොරව සිදුවීමට නම් ඔබගේ අත පය හොඳින් නම්‍යශීලි වන ආකාරයට කායිකව ක්‍රියාශීලව සිටීමට වග බලාගන්න.

-ඔබ සංචාරයේ යෙදුනත් ඔබගේ ආහාර, බෙහෙත් හා ව්‍යායාම් වෙනුවෙන් කාල සටහනක් ඔබ සතුව තබාගන්න.

-රුධිර සීනි මට්ටම අඩු වී යන අවස්ථාවකට මුහුණ පෑවොත් ඉක්මනින්ම සීනි මට්ටම ඉහළ යන ආහාරයක් ලබාගන්න.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *