Current Date:අප්‍රේල් 19, 2024

සලකුණු සහ රෝග ලක්ෂණ

දියවැඩියාවේ P3 හඳුනා ගනිමු.

දියවැඩියාව සඳහා හේතු වන සාම්ප්‍රදායික හේතු 3කි. ඒවා  නම් පොලිපේගියා, පොලියුරියා, පොලිඩිප්සියා

1. පොලිපේගියා- නිතර නිතර එන පොඩි බඩගිනි

දියවැඩියාව ඇති වීමට පෙර අවධියේදි ඔබට නිතර බඩගිනි දැනෙයි නම් එය දියවැඩියාව පිළිබඳ පූර්ව ලක්ෂණයකි. මෙය සිදුවන්නේ  ඉන්සියුලින් නොමැතිකම නිසා ශරීරයට ග්ලුකෝස් භාවිත කිරීමට නොහැකි වීමෙනි. එවිට සෛලය මඟින් ශරීරයට තව තවත් ආහාර අවශ්‍ය බවට සංඥවක් මොළයට යවනු ලබයි. දියවැඩියා රෝගීන් කොපමණ සීනි ප්‍රමාණයක් ලබා ගත්තද එය සෛලයට භාවිිතා කළ නොහැක.

2. පොලියූරියා – නිතර නිතර එන මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවයන්

රුධිරයෙන් ග්ලුකෝස් පෙරීම සහ ග්ලුකෝස් ගබඩා කිරීම වකුගඩුවල කාර්යයකි. රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින විට වකුගඩුවලට හොදින් ක්‍රියා කිරීමට නොහැකි වේ. එහි ග්ලුකෝස් මුත්‍රා සමග පිටවන අතර නිතර නිතර මුත්‍රා පිටවීම එහි ප්‍රතිථලයයි. සීනි මඟින් ජලය ඇද ගන්නා නිසා නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වෙයි.

3. පොලිඩිප්සියා- නිතර නිතර එන වතුර පිපාසය

මුත්‍රා මඟින් විශාල ලෙස ජල පරිමාවක් ශරීරයෙන් ඉවත් වෙයි. එය ශරීරයට වැඩි ජල ප්‍රමාණයක් පිටතින් ලබා ගැනීමට හේතුවන්නකි.

වෙනත් රෝග ලක්ෂණ

පහත දැක්වෙන්නේ දියවැඩියාවේ මුල් රෝග ලක්ෂණ වේ. මෙයින් එක් ලක්ෂණයක් හෝ ඔබට තිබේ නම් ඔබේ පෞද්ගලික වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

  • ශරීරයේ බර අඩු වීම

ශරීරයේ ශක්ති අවශ්‍යතා සපුරාලීමට මේද සංචිත ග්ලුකෝස් බවට පත් කෙරේ. ශරීරයේ ශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මේදය ශක්තිය බවට පත් කිරීම හේතුවෙන් ශරීරයේ බර අඩු වීම සිදුවේ.

  • ඉක්මනින් වෙහෙසට පත්වීම

ශක්තිය අඩුවීම ශරීරය වෙහෙසට පත් වීම වැඩි කරයි

  • සුව වීමට කල්ගත වන තුවාල

 තුවාල සුව වීමට අසාමාන්‍ය ලෙස කාලයක් ගත වීමත් එක් ලක්ෂණයකි

  • නිතර සිදුවන ආසාදන තත්ත්වයන්

දත්, මුත්‍රා සහ කන් ආශ්‍රිතව දියවැඩියා රෝගීන්ට බහුලව ආසාදන ඇති වේ. රුධිරයේ ඇති ග්ලුකෝස් පරිමාව ඉහළ යාමෙන් ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වීම මෙම ආසාදනවලට හේතුවයි.

  • පෙනීමේ දුර්වලතා

ඇසේ රුධිර නාලවලට හානි වීම නිසා පෙනීමේ දුර්වලතා මතු විය හැක.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *