Current Date:මාර්තු 29, 2024

සුලූ ආහාර

දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් හට සුලූ ආහාර වේල් සඳහා ඇති කැමැත්ත පාලනය කර ගනිමින් සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම යම් තරමක අභියෝගයකි. සුලූ ආහාර වේල් ද වැදගත් කමෙන් යුක්තය. සෙල්මෙටොබොලිසම් සඟරාවේ සඳහන් පරිදි ජාතික සෞඛ්‍ය ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් හදුනාගෙන තිඛෙන්නේ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් දිනකට 4-6 වතාවක් සුලූ ආහාර අනුභව කිරීම තුළින් ප්‍රධාන ආහාර වේල 3ක් ගන්නා පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටමට වඩා ස්ථාවරව පවත්වා ගත හැකි බවයි. නමුත් මෙම සුලූ ආහාර වර්ග සෞඛ්‍ය සම්පන්න ඒවා විය යුතුය.

සුලූ ආහාරවල කාබෝහයිඩ්‍රේට අවම විය යුතු අතර තන්තු, ප්‍රෝටීන් සහ හිතකර මේද අඩංගු විය යුතුය. බොහෝ්   ස්නැක්ස් හෙවත් සුලූ ආහාර වර්ග සෞඛ්‍ය සම්පන්න ඒවා නොවන අතර නිවසේ සාදන ලද සුලූ ආහාර වර්ග ගැනීමෙන් යොදා ගන්නා අමු ද්‍රව්‍ය පාලනය කරගැනීමට ඔබට හැකියාව පවතී.

ඔබට නිවසේ සකස් කර ගත හැකි ආහාර වර්ග

  1. තම්බපු බිත්තර

ඔබ සොයන්නේ ප්‍රෝටීන් බහුල සුලූ ආහාරයක් නම් එහි පළමු තැන ගනු ලබන්නේ හොදින් තම්බා ගත් බිත්තරයි. එය ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වන අතර දවසේ ඕනෑම මොහොතක ඔබට එය ලබා ගත හැක.

  1. ඛෙරි සහ ආමන්ඩ් ටොපින් සමඟ යෝගට්

සීනි රහිත යෝගට් දියවැඩියාවෙන් පෙළෙන්නන් හට ඉතා සුදුසු සුලූ ආහාරයකි. රසෙන් වැඩිකර ගැනීමට ඔබට යෝගට් සමඟ ඛෙරි මිශ්‍ර කළ හැකිය. ඛෙරිවල බහුල වන ප්‍රතිඔක්සිකාරක මඟින් අග්න්‍යාශ සෛලවලට ඇතිවන හානිය අවම කරමින් රුධිරයේ ග්ලුකෝස් මට්ටම අවම කළ හැකි හෝමෝන වලට බලපෑම් කරනු ලබයි. ඔබේ සුලූ ආහාරයට ආමන්ඩ් එක්කර ගැනීමෙන් විටමින් 15ක් සහ ඛනිජ එක්කර ගැනීමේ හැකියාව ද පවතී.

  1. චියා සීඩ්ස් පුඩින්

චියා සීඩ්ස් හෙවත් චියා බීජ අඩංගු පුඩින් විශිෂ්ට ආහාරයකි. ප්‍රෝටීන්, තන්තු සහ මේද අම්ලවලින් පොහොසත් වන නිසා මේ සියල්ලෙන්ම රුධිරයේ සීනි ස්ථාවර කළ හැකිය. මෙම පුඩින් එක සෑදීම සඳහා පළමුව චියා බීජ ජලයේ පොඟවා පසුව වියළෙන තෙක් එය පෙරාගෙන, ඩාර්ක් චොක්ලට් කුඩු ස්වල්පයක් එක්කර පුඩින් එක සාදා ගන්න. ශිතකරණයේ ගබඩාකර හොදින් සවි වූ විට පිළිගන්වන්න.

  1. පොරි හෙවත් පොප්කෝන්

නිවසේ සාදන ලද පොප්කොන් දියවැඩියාවට අහිතකර නොවන ආහාරයක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න ධාන්‍යමය ආහාරයකි. පොප් කෝන් කෝප්පයක අඩංගු වන්නේ කැලරි 31ක් පමණි. එවැනි අඩු කැලරි සහිත ආහාර අනුභව කිරීමෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම සහ ශරීර බර පවත්වා ගැනීමට උපකාරී වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *