Current Date:අප්‍රේල් 16, 2024

අධි රුධිර පීඩනය

සාමාන්‍ය අගයන්ට වඩා රුධිරයේ පීඩන මට්ටම ඉහළ යන අවස්ථාවක් Hypertension හෝ අධි රුධිර පීඩනය ලෙස හැඳින්විය හැකියි. රුධිරයේ පීඩනය යනු ශරීරය තුළ රුධිරය ගමන් කරන ධමනි බිත්ති (artery walls) මතට අධික ශක්තියක් යෙදුනු අවස්ථාවකටයි. මෙම පීඩනය, පීඩනය මනින මීටරයකින් හෝ sphygmomanometer එකකින් පරීක්ෂා කළ හැකියි.

ඔබගේ රුධිර පීඩනය අගයන් දෙකකින් සමන්විත වේ:

-Systolic රුධිර පීඩනය: හෘද ස්පන්දනය වන අවස්ථාවේදී රුධිරය මඟින් ධමනි බිත්ති වෙත එන පීඩනය.

-Diastolic රුධිර පීඩනය: හෘද ස්පන්දනය අතරතුර හදවත විවේකී වන අවස්ථාවල දී රුධිරය මඟින් ධමනි බිත්ති වෙත එන පීඩනය.

Systolic රුධිර පීඩනය 140mmHg වලට වඩා වැඩි හෝ සාමනනම් සහ Diastolic රුධිර පීඩනය 90mmHg වලට වඩා වැඩි හෝ සාමනනම්, ඔබ අධි රුධිර පීඩන තත්ත්වයකින් පෙළෙන බවට තහවුරු වේ. 

අධි රුධිර පීඩනය ඇතිවෙන හේතු.

  1. ප්‍රාථමික අධි රුධිර පීඩනය (Primary or essential hypertension) වන්නේ හඳුනාගත නොහැකි හේතුවක් නිසා හටගන්නකි. මෙවැනි තත්ත්වයකට දිගුකාලීන ප්‍රතිකාර අවශ්‍ය වේ. සමීක්ෂණ වාර්තා අනුව අධි රුධිර පීඩනයෙන් පෙළෙන 10කින් 9දෙනෙකුට ඇත්තේ ප්‍රාථමික අධි රුධිර පීඩනයයි.
  2. ද්වීතීක අධි රුධිර පීඩනය (Secondary hypertension) ඇතිවන්නේ වෙනත් ලෙඩ රෝග හේතුවෙන්ය. ඒ අතරින් වකුගඩු ආශ්‍රිත ලෙඩ, තයිරොයිඩ් ග්‍රන්ථියේ අවහිරතා, අධිවෘක්ක ග්‍රන්ථියේ (adrenal glands) ගැටලු, ගර්භණීභාවය හෝ වෙනත් බෙහෙත් භාවිතයෙන් හටගෙන ඇති අතුරු ප්‍රතිඵල පොදු සාධකයන් වේ.

ප්‍රාථමික අධි රුධිර පීඩනයට නම් කළ හැකි හේතුවක් නොමැති වූවත්, කෙනෙක් එම තත්ත්වයට ගොදුරු වීමට බලපාන සාධක කිහිපයක් පහත වේ:

-වයස අවුරුදු 60ට වඩා වැඩි වීම.

-පවුලේ කෙනෙකුට අධි රුධිර පීඩනය වැළදී තිබීම.

-මත්පැන් භාවිතය

-මේදය අධික ආහාර වැඩිපුර ගැනීම.

-දියවැඩියාව හා අධික කෝලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය ගැටලු තිබීම.

-දුම් බීම හෝ එම දුමට නිතරම නිරාවරණය වීම.

-ආර්ථවාභාවය/ ඔසප් වීම නතර වීම.

-කායික ක්‍රියාකරකම් වලින් හෝ ක්‍රියාශිලී බවෙන් මිදීම.

-ආතතිය.

අධි රුධිර පීඩනයේ ලක්ෂණ.

මෙම තත්ත්වයේදී ඇතිවන බොහෝ සංකූලතා රෝග ලක්ෂණ වලින් තොරයි. (silent killer) එලෙස රෝග ලක්ෂණ මතුවන්නේ හෘද හෝ වකුගඩු අබාධ වැනි දරුණු තත්ත්වයක් හටගතහොත් පමණි.

රුධිර පීඩනය ඉතාමත් ඉහළ මට්ටමට ළඟා වූවොත්, එය අධි රුධිර පීඩනයේ භයානක තත්ත්වයකි. මෙම තත්ත්වයදී systolic රුධිර පීඩනය 180 mmHg වලට වඩාත්, diastolic රුධිර පීඩනය 120 mmHg වලට වඩාත් වැඩි අගයක් ගනී. මෙලෙස දරුණු තත්ත්වයක් උදාවූ විට එම රෝගියාට ඔලුව රදය, වමනය, ක්ලාන්තය දක්වා වන නිදිමත, අසාමාන්‍ය ලෙස දරදඬු වීම, හදිසි පෙනීම දුබල වීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ වේදනාව හෝ අධික කනස්සලු ස්වභාවය වැනි ගැටලු මතුවිය හැක.

අධි රුධිර පීඩනය පාලනය කිරීම.

විශේෂයෙන්ම ප්‍රාථමික අධි රුධිර පීඩන තත්ත්වයක් පවතින ලෙසට කෙනෙකු රෝග විනිශ්චයට ලක්වුවහොත්, එයට ස්ථීර පිළියමක් නැත. නමුත්, අධි රුධිර පීඩනය යනු පාලනය කළ හැකි තත්ත්වයකි. මෙම පීඩන මට්ටම සාමාන්‍ය කෙනෙකුගේ රුධිර පීඩන මට්ටමක් දක්වාම පාලනය කිරීමට හැකියාව තිබේ.

-නිතිපතා වෛද්‍ය පරීක්ෂණ කිරීම හා වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදීම. මුල් අවස්ථාවේදී මාස 1-3ත් අතර සහ පසුවට අවුරුද්දකට වතාවක් වන පරිදි ඇස්, හදවත හා වෙනත් ශරීරංගවල රුධිර පීඩනය පරීක්ෂා කිරීම ඔබට ගත හැකි සුදුසුම පියවරකි. තවද, ඔබගේ නිවසේදීම පාවිච්චි කළ හැකි රුධිර පීඩනය මනින උපකරණයක් තිබීම මෙම තත්ත්වය පාලනය තවත් පහසු කරයි.

-නිසියාකරව ගැළපෙන බෙහෙත් ලබාගැනීම. අධි රුධිර පීඩනය සඳහා අනුමත කර ඇත්තේ thiazides, angiotensin-converting enzyme inhibitors (ACE-I), angiotensin-II receptor blockers (ARB), calcium channel blockers(CCB) සහ diuretics වැනි බෙහෙත් වර්ගයි. එම අදාල වර්ගය හා මාත්‍රාව ඔබගේ වෛද්‍යවරයා අනුමත කරන අතර, එම බෙහෙත් නිතිපතා එකම වේලාවට ලබාගැනීමට සැළකිලිමත් විය යුතුයි. වෛද්‍යවරයා අනුමත කරන බෙහෙත් හැර ඔබගේ මතයට බෙහෙත් ලබාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.

-නිවැරදි පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් හා ප්‍රාමණයන්ගෙන් යුත් සමබර ආහාර වේලක් පවාත්වාගෙන යෑම. එයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, එලවළු, පලතුරු හා ජලය අඩංගු වීමත්, අධික සීනි, ලුණු හා මේදය ආශ්‍රිත කෑම වලින් වැළකීමත් වැදගත්. වාර්තාවන්ට අනුව සීනි තේ හැඳි 4ක්, ලුණු එක් තේ හැන්දක් සහ මේදය තේ හැඳි 5ක් ඔබගේ ආහාර වේලට එකතුවීම අධි රුධිර පීඩනය ඇතිවීමේ අවධානම වැඩි කරන බවයි.

-ආරක්ෂිත ලෙස කායික ක්‍රියාකරකම් වල යෙදීම. අධි රුධිර පීඩනයෙන් වැළකීමට හා එය පාලනය කිරීමට මෙම පියවර ඉතාමත් වැදගත්. දිනකට විනාඩි 30ක් වන පරිදි සතියට දින 5ක් වත් එලෙස යම්කිසි ක්‍රියාකරකම යෙදීම මෙම තත්ත්වය මඟහරවාගැනීම සඳහා අනුමත කර ඇත.

-දුම් හා මත්පැන් පානයෙන් වැළකීමත්, ඔබගේ රුධිර නාල කුඩා වීමට හේතු වන අහිතකර පිළිකා කාරක වලින් ඈත්ව සිටීමත් කළ යුතුයි. එම නිසා අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගින් දුම් බීම නැත්වීමටද, වැඩිපුර සිගරට් දුමට නිරාවරණය නොවී සිටීමටද මත්පැන් බීමෙන් වැළකීමට ද සිහි තබා ගත යුතුයි.

අධි රුධිර පීඩනයෙන් වැළකීම.

මෙම රෝගී තත්ත්වය පාලනයේදී සේම, මෙය මනාව පාලනය කිරීමටනම් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, අවශ්‍ය පමණට ශරීරයේ බර පවත්වාගැනීම, නිතිපතා යම්කිසි කායික ක්‍රියාකාරකමක යෙදීම සහ දුම් බීම හෝ එම දුමට නිරාවරණය නොවී සිටීම අතිශයින්ම වැදගත්.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *