Current Date:අප්‍රේල් 16, 2024

ඔබගේ සෞඛ්‍ය අධීක්ෂණය කිරීම

දියවැඩියාව  පාලනය කිරීම යනු ඔබගේ රුධිර සීනි මට්ටම වෙත අවධානය යොමුකිරීම පමණක් නොවේ. එම රුධිර සීනි මට්ටම ඉහළ යාමෙන් ශරීරයේ අනෙකුත් අවයවවලටත් බලපෑම් ඇතිවිය හැකි බැවින්, නිතරම ඔබගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිඹිබු වන දර්ශක ගැන අවදියෙන් සිටීමද වැදගත්. එම අදාළ අවයව හා සෞඛ්‍ය නිර්ණායක කොපමණ කලකට සැරයක් පරීක්ෂා කළ යුතුද යන්න ඔබගේ වෛද්‍යවරයා ඔබට උපදෙස් දෙයි.

රුධිර සීනි පරීක්ෂාවකට අමතරව ඔබ නිතිපතා පරීක්ෂා කළ යුත්තේ ඔබගේ:

-රුධිර පීඩනය

-සිරුරේ බර හා ඉණෙහි වට ප්‍රමාණය

-කොලෙස්ටරෝල් මට්ටම

-හදවතේ සෞඛ්‍ය තත්ත්වය

-ඇස්

-වකුගඩු

-පාද (ඔබගේ පාද ඉවත්කිරීම දක්වා හේතුවන, සුවනොවන තුවාල ආදියෙන් වැළකීමට නිතිපතා ඔබේ පාද පරීක්ෂා කරගන්න. පාදයෙහි යටි පැත්ත පරීක්ෂා කිරීම කණ්නාඩියක ආධාරයෙන් හෝ වෙනත් කෙනෙකුගේ සහයෙන් කරගන්න.)

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *