Current Date:මාර්තු 29, 2024

දියවැඩියාවේ ප්‍රධාන වර්ග

දියවැඩියාවේ ප්රධාන වර්ග 4කි.

පූර්ව දියවැඩියාව දියවැඩියාව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණයයි. මෙය සිදුවන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය තත්වයට වඩා වැඩි නමුත් දියවැඩියාව මට්ටමට තරම් ඉහළ මට්ටමක නොමැති විටය. මෙහිදී ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැත, නැතහොත් ශරීරය ඉන්සියුලින් ප්‍රතිරෝධී වේ.

පළමු වර්ගයේ දියවැඩියාව හෙවත් ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව, ඔබේ අග්න්‍යාශය ඉන්සියුලින් නිපදවන්නේ නැති නිසා ඇතිවන දරුණු දියවැඩියාව තත්වයකි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ වයස අවුරුදු හතළිහට පෙර වන අතර එය ළමයින්ට සහ නව යොවුන් දරුවන්ට ද බලපායි.

දෙවන වර්ගයේ දියවැඩියාව, ඉන්සියුලින් මත නොවන යැපීමයි. මෙම තත්ත්වයේදී ඉන්සියුලින් නිපදවන නමුත් සෛල නිසි ලෙස ක්රියා නොකරයි හෝ ඉන්සියුලින් ප්‍රමාණවත් නොවන තත්වයක් ඇති වේ. මෙය වයස හතළිහට වඩා වයස්ගත පුද්ගලයින් තුළ සිදුවන අතර ඒවා ඉන්සියුලින්  ප්‍රතිරෝධී ලෙස සැලකේ.

ගර්භණී සමයේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ මට්ටමක පවතී. ගර්භනී කාන්තාවකගේ ශරීරය හෝමෝන නිපදවන අතර සාමාන්‍යයෙන් මාස 3ක කාලය තුළ ඉන්සියුලින් අවහිර කරයි. දරු ප්‍රසුතිය පසු එම තත්ත්වය නැති වී ගියද, දෙවන වර්ගයේ දියවැඩියාව පසුව ඇතිවීමේ සම්භාවිතාවක් පවතී.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *