Current Date:මාර්තු 28, 2024

දියවැඩියාව පිළිබඳ මිථ්‍යාවන් දුරු කරගනිමු!

බොහෝ දෙනා දියවැඩියා රෝගීන් හට එයින් වැළකී සිටීමට ගත යුතු ආහාර පිලිබඳ උපදෙස් ලබා දෙයි. කරුණු නොදැන ලබා දෙන මෙවැනි උපදෙස් නිසා දියවැඩියාව පිළිබඳ මිථ්‍යා මත පහසුවෙන් පැතිර යාමට බලපායි. මෙවැනි මත දියවැඩියා රෝගීන්ට සහ ඔවුන් රැකබලා ගන්නන් හට රෝගය පිළිබඳ නිසි අදහසක සිටීමට අපහසු කරයි.

මෙම මිථ්‍යා මත පිළිබඳ සැක හැර දැන ගැනීම වැදගත් වෙන අතර දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට සාමාන්‍යයෙන් කාලය ගතවන බැවින් දියවැඩියා රෝගය පිළිබඳ විිශ්වාසදායක තොරතුරු පමණක් සහතික කර ගැනීම වැදගත් වේ.

ඔබට ඇසෙන දේ සත්‍යදැයි සැක හැර දැන ගන්න. පහත සඳහන් වන්නේ දියවැඩියාව පිළිබඳ එවැනි මිථ්‍යා මතයන් කිහිපයකි.

  1. ඔබ බරෙන් වැඩි අයෙක් නොවේ නම් දියවැඩියා අවදානමක් නැහැ

ශරීරයේ බර දියවැඩියාව සඳහා අවදානමක් විය හැකි වුවත් එය සෘජු හේතු සාධකයක් නොවේ. සෑම තරබාරු පුද්ගලයෙකු හටම දියවැඩියාව නොමැති අතර දියවැඩියාව වළක්වා ගැනීම සඳහා ස්ථීර ශරීර ස්කන්ධයක්ද නොමැත. දියවැඩියාව වැළඳීමේ අවදානම් සාධක කිහිපයක් ඇති අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිසි ව්‍යායාම සහ නිසි පරිදි ශරීර බර පවත්වා ගැනීම මඟින් එය වළක්වා ගත හැකිය.

  1. ඔබේ දෙමව්පියන්ට දියවැඩියාව නම් ඔබටත් දියවැඩියා ඇති විය හැකියි

ජාන විද්‍යාව අවදානම් සාධකයක් යන කාරණය පවතින්නකි. කෙසේ නමුත් දරුවන්ගේත් දියවැඩියාව ඇති දෙමව්පියන්ගෙත් ජීවන රටාව කළමණාකරණය කිරීමෙන් එය වළක්වා ගත හැක. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිසි ව්‍යායාම සහ නිසි පරිදි ශරීර බර පවත්වා ගැනීම මඟින් දියවැඩියාව වළක්වා ගත හැකිය.

  1. දියවැඩියාව බෝවන රෝගයකි

සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝගයන් මෙන් දියවැඩියාවට ඔබව ගොදුරු කර ගැනීමට හැකියාවක් නැත. දියවැඩියාව වාතය,ස්පර්ශය,ජලය හෝ වෙනත් මාධ්‍යයන් ගෙන් බෝවන්නක් නොවේ.

ඔබේ දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් දියවැඩියාවෙන් පීඩා විඳීනම් ඔබට දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබිය හැක. අධික ශරීර බර,ඉහළ කොලෙස්ට්‍රරෝල් මට්ටම,පොලිසයිටික් ඕවරි සින්ඩ්‍රෝම්, ආතතිය, ශරීර අක්‍රීය බව එයට බලපානු ලබයි.

  1. දියවැඩියා රෝගීන්ට අවසානයේ පෙනීම සහ දෙපා අහිමි වේ.

මෙය ඉතා වැරදි සහගත වූ අදහසකි. දියවැඩියා රෝගීන්ට අත් පා අහිමි වීම ඉරණමක් යැයි සිතිය යුතු නැත. දියවැඩියාවෙන් පෙළෙන එහෙත් අත් පා ඉතා නිරෝගී පුද්ගලයින් බොහෝ ඇත. අවශ්‍ය වන්නේ රෝගය නසි පරිදි කළමනාකරණය කිරීම පමණි. ඔබ නිසි වගකීමකින් යුක්තව, වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරමින්, ඖෂධ මාත්‍රාව නියමිත පරිදි ලබා ගනිමින් නිරෝගි දිවි පෙවතක් ගත කළහොත් ඔබට මේ තත්ත්වයෙන් මිදීමට හැකියාව ඇත.

  1. දියවැඩියාව ඔබේ දෛනික ක්‍රියාවලීන් අඩපණ කරයි.

දියවැඩියාව ඔබේ එදිනෙදා කටයුතුවලට බාධාවක් වනු ඇති බව පදනම් විරහිත උපකල්පනයකි. දෛනික රුධිර සීනි මට්ටම පාලනය කළ හොත් දියවැඩියාව පොදුවේ ජීවිතය පවත්වා ගැනීමට බාධාවක් නොවේ. එබැවින් දියවැඩියාව රොගීන් අතර ජවසම්පන්න නිරන්තර රුධිර සීනි පරීක්ෂාව මඟින් ඔබට සීනි රස විඳීය හැකි.

  1. ඔබට දියවැඩියාව නම් සීනි රස බැලීමට සම්පූර්ණයෙන්ම නොහැක.

එය මිත්‍යා මතයක් නම් දියවැඩියා රෝගීන්ට සීනි රස බැලීමට හැකියාවක් තිඛෙනවාද යන්න ඔබට ඇතිවන ප්‍රශ්නයයි? ඔව් එය පුදුම වීමට කරුණක් නොවේ. එය රදා පවතින්නේ පුද්ගලයාගේ රුධිරයේ සීනි මට්ටම මතයි. නිරන්තර රුධිර සීනි පරීක්ෂාව මඟින් ඔබට සීනි රස විඳීය හැකි ප්‍රමාණය පරීක්ෂා කර ගත හැක. ඔබට මේ සඳහා වෛද්‍යවරයාගේ උපකාරය ලබා ගත හැකිය.

ආහාරවල මිහිරි රසයක් ගැනීමට සීනි උපකාරීවන බැවින් සීනි ලබා ගැනීමේ වරදක් නැති අතර වඩා වැදගත් වන්නේ සීනි අහුරක් කෑමට සිත යොමු නොකිරීමයි. එම නිසා දියවැඩියා රෝගීන්ට කැලරි නොමැතිව ආහාරවල මිහිරි රසය භුක්ති විඳීමටසුක්‍රලෝස් වැනි සීනි ආදේශක දැන් බහුලව ආදේශ කරගනු ලබයි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *