Current Date:මාර්තු 29, 2024

දියවැඩියාව හා ගර්භණීභාවය

දරුවෙක් ලැබීම ඔබගේ ජීවිතයේ ඉතාමත් සතුටුදායක පරිච්ඡේදයක්, නමුත් දරුවා ලැබීමට පෙර ඔබ දියවැඩියාවෙන් පෙළෙන බවට තහවුරු වූවොත් ඔබ කළ යුත්තේ කුමක්ද? එය ඔබෙත් ඔබගේ නූපන් දරුවාගේත් සෞඛ්‍යයට අවධානමක් ගෙන දෙයිද?

ඔව්, එය එසේ විය හැකියි. ඔබගේ නූපන් දරුවා ඔබේ කුස තුළ වැඩෙන කාල සීමාවේදී ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක්නම් එය දරුවාගේ හදවත, මොළය, කොඳු ඇට පෙළ හානියට ලක්වීමට හා දරුවාගේ සිරුරේ තිබිය යුතු බර ප්‍රමාණයටද එය බලපාවි. තවත් දරුණු අවස්ථාවකදි, මෙම තත්ත්වය ගබ්සා වීමක් හෝ මළ දරු උපතකට හේතු විය හැකියි.

මෙවැනි තත්ත්වයක් මත ඔබ මේ අවාසනාවෙන් මිදී, නිරෝගී දරුවෙකු බිහිකරන්නේ කෙසේද?

ගර්භණීභාවයට සූදානම් වීම.

මේ කාලයෙදි ඔබ ශරීරයේ වෙනස්කම් රැසකට මුහුණ දීමට නියමිතයි. ඔබ තුළ සිදුවන ශාරීරික හෝ හෝමෝන වෙනස්වීම් පෙරළා ඔබගේ රුධිර සීනි මට්ටම ට බලපෑම්ක් ඇති කළ හැකි බැවින්, ඔබේ ජීවන රටාව තවත් හොඳ අතට වෙනස් විය යුතුයි. ඒ අනුව ඔබගේ ආහාර රටාව, කායික ක්‍රියාකරකම් හා ඔබගේ බෙහෙත් ඉන්සියුලින් වැනි වර්ගයකට වෙනස් විය යුතුයි. ඔබට දැනටමත් දියවැඩියාව තිබේනම් ඔබේ සීනි මට්ටම හැකි තාක් සාමන්‍ය පරාසයක රඳවාගැනීමෙන් ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වේ. ඒ අනුව ඔබ දියවැඩියාවට සරිලන පරිදි කෑම පාලනය කරමින්, වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම් කරමින්, ගර්භණීභාවයට පෙර හා පසු වෛද්‍ය පරීක්ෂාවන් කරගැනීම ඉතාමත් වැදගත්. තවදුරටත් මේ කාලයේදි, ඔබ මත්පැන් භාවිතය හා දුම් බීම නැවත්වීමෙන් ඔබගේ දරුවාගේ සෞඛ්‍ය  තත්ත්වය සුරක්ශිත වේ.

ගර්භණී කාලයේදි ඇතිවන දියවැඩියාවෙන් මගේ සෞඛ්‍යට බලපෑමක් ඇතිවේද?

ඔබගේ රුධිර සීනි මට්ටම ඉතාමත් ඉහළ මට්ට්මක් ගෙන ඇති අවස්ථාවක වැළදිය හැකි ඇස් හා වකුගඩු ආශ්‍රිත ගැටලු ගර්භණී කාලයේදි තවත් නරක අතට හැරිය හැකියි. එය එසේ සිදුවුනොත්, ගර්භණී කාලයේ දෙවැනි අදියරේදි, අධි රුධිර පීඩනය හේතුවෙන් ඔබගේ මුත්‍රා වල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිවී, preeclampsia තත්ත්වයක් හටගනීවි. මෙම තත්ත්වය ඔබටත්, දරුවාටත් අවධානමක් ගෙන දිය හැකි බැවින්, වෛද්‍යවරයන් අනුමත කරන්නේ, ඔබේ ගර්භණීභාවයේ සති 37ක් පසුවී ඇත්නම්, හැකි ඉක්මනින් දරුවා ප්‍රසූත කරන ලෙසටයි.

ඔබ ගර්භණී භාවයට පත්වීමට පෙර නිතිපතා අධි රුධිර පීඩනය, ඇස් හා වකුගඩු ආශ්‍රිත ගැටලු හෝ ස්නායු ආබාධ සම්බන්ධයෙන් පරීක්ෂාවන් සිදුකිරීම වැදගත්. ගර්භණීභාවය හේතුවෙන් දියවැඩියාව තවත් දරුණු විය හැකි නිසා එම තත්ත්වයට එළඹීමට පෙර ඔබගේ සෞඛ්‍ය පිළිබඳ වගකීම දරන පාර්ශවයන් විසින් ඔබේ ප්‍රතිකාර වෙනස් කිරීමට අනුමත කරයි.

මෙවැනි තත්ත්වයක දී මා කළ යුත්තේ කුමක්ද?

-ආහාර පාලන ක්‍රමවේදයක් සකස්කරගන්න: මේ සඳහා ඔබට සුදුසු පෝෂණවේදියෙක් හමුවී, ඔබගේ ශරීරයට අවශ්‍ය පෝෂණය හා ශක්තිය ලබාදෙන ආහාර පාලනය කිරීමේ සැලැස්මක් අනුගමනය කරන්න. එමඟින් දියවැඩියාවට අහිතකර ආහාර ගැනීමෙන් ද ඔබ වැළකේවී. ඔබ ගත යුතු ආහාර වර්ග, ප්‍රමාණය හා ගර්භණීව සිටියදී ඔබ පාලනය කරගතයුතු සිරුරේ බර අනුව කෑම ගැනීමට අවශ්‍ය වේලාවන් ඔබේ පෝෂණවේදියා සමඟ සකච්ඡා කරගන්න. මෙම සැලැස්ම ඔස්සේ ඔබට කැමති ආහාර වර්ග, සෞඛ්‍ය තත්ත්වය, බෙහෙත් සහ ව්‍යායාම් කිරීමේ පිළිවෙල යන කරුණු ගැනද අවධානය යොමු කිරීමට හැක.

ශාරීරික ක්‍රියාකරකම්: ඔබ පවත්වා ගතයුතු රුධිර ග්ලුකෝස් අගයන් මෙයින් ලබාගත හැකියි. කායිකව ක්‍රියාශීලීවීමෙන් ඔබගේ ආතතිය අඩුවී, හදවත, ඇට මිදුළු හා මාංශ පේශී ශක්තිමත් කර, සිරුරේ සන්ධි නම්‍යශීලී කරවයි. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයා හමුවී කායික ව්‍යායාම් සම්බන්ධයෙන් සැලස්මක් ලබාගන්න. එයින් ඔබගේ සිරුරේ හැඩය හා සෞඛ්‍ය පවත්වාගැනීමට ඔබට පුළුවනි.

-ඔබගේ බෙහෙත් පරීක්ෂා කරන්න: ඔබ ගන්නා යම් බෙහෙත් වර්ග ඔබ කුස තුළ සිටින දරුවාට අහිතකර විය හැකියි. එම නිසා ඔබ දැනට ලබාගන්නා සියලුම බෙහෙත් වර්ග ගැන (විශේෂයෙන්ම අධි රුධිර පීඩනය හා අධික කොලොස්ටරෝල් මට්ටම සඳහා) වෛද්‍යවරයාට පවසන්න. එවිට ඔබ ගත යුතු හා නොගත යුතු බෙහෙත් වෛද්‍යවරයා විසින් තීරණය කර, එ සඳහා අවශ්‍යනම් විකල්ප බෙහෙතක් ද අනුමත කරයි. වෛද්‍යවරුන් බොහෝවිට වර්ග 1 හා 2 දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අයට අනුමත කරන්නේ සාමාන්‍ය ඉන්සියුලින් මාත්‍රාවක්. ඔබ දැනටමත් ඉන්සියුලින් ලබාගන්නේනම්, ඔබ ගන්නා ප්‍රමාණය, වර්ගය හා ගත යුතු කාල සීමාව වෙනස් වීමට හැකියාව ඇත.

ඔබව දියවැඩියා රෝගී තත්ත්වය තිබෙන බවට හඳුනාගත්තද, ඒ හේතුවෙන් ඔබගේ දරු සුරතල් බැලීමේ සිහිනය ඔබ නැතිකරගත යුතු නැත. නිතිපතා ඔබගේ ආහාර පාලනය කරමින්, ඔබගේ සිරුරේ සිදුවන වෙනස්කම් ගැන සැලකිලිමත් වෙමින් හා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබේ වෛද්‍යවරයා නිරතුරුවම දැනුවත් කිරීමෙන්, ඔබගේ පවුලට ඒමට නියමිත එම අලුත් සාමජිකයා ගැටලුවකින් තොරව  සතුටින් පිළිගත හැකි වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *