Current Date:මාර්තු 28, 2024

නිවසින් පිටදී ලබා ගන්නා ආහාර

දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස ඔබ ආහාර ගන්නා ආකාරය ඉතා වැදගත් වේ. ලබා ගන්නා ආහාර රටාව නිසි ලෙස පාලනය කිරීමෙන් දියවැඩියාව නිසි පරිදි පාලනය කළ හැකිය.

ඔබේ ආහාර වේලට අඩංගු ද්‍රව්‍ය නිසි පාලනයකින් යුක්තව සාදා ගැනීම මේ අනුව ඔබට සිදු කළ හැකි වේ. නමුත් ඔබ කඩ කෑමවලට ආස කරන කෙනෙක් නම් ආහාර සඳහා නිරෝගි තේරීමක් කරන්නේ කෙසේද?

කොළ පැහැති එළවළු කමු

එළවළු විටමින් සහ ඛනිජ වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පිරී ඇත. රුධිර සීනි මට්ටම පාලනය කිරීමට අවශ්‍ය වන කැලරි සහ කාබෝහයිඩ්‍රේට ද ඒවායේ අවමය තවද එළවළු ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වේ. දියවැඩියා රෝගීන් මුහුණ දෙන පොදු රෝග ලක්ෂණ වන ඇස් පෙනීමේ දුර්වලතා සහ ඇසේ සුද වැනි තත්ත්වයන් එළවළු ආහාරයට ගැනීමෙන් අවම කර ගත හැකිය.

අතිරික්ත ලූණු සහ මේදයෙන් වැළකෙමු

දියවැඩියා රෝගීන්, ලූණු පරිභෝජනය කිරීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය. එබැවින් සෝඩියම් අධික ආහාරවලින් ඈත්ව සිටීම වඩාත් සුදුසු වේ. ඊට අමතරව ශරීරයට අනවශ්‍ය මේදය මඟින් අහිතකර කොලෙස්ට්‍රෝල් වැඩි කරම්න් ශරිරයට හිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරනු ලබයි. දියවැඩියාව පිළිබඳ සැලකිලිමත් වන විට ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉහළ යාම පාලනය කිරීමටද මෙම ආහාර පුරුදු වැදගත් වේ. මේ නිසා විවිධ කඩ කෑම, සකස් කළ ආහාර, ටින් ආහාර වැනි දේ ආහාරයට එක්කර ගැනීම විකල්පයක් නොවන බව මතක තබා ගන්න.

සුදුසු ආහාර ප්‍රමාණයක් ලබා ගමු

ලබා ගන්නා කැලරි ප්‍රමාණය පිළිබඳ සැලකිල්මත් වීම වැදගත් වන අතර ඒ සඳහා ඔබ ලබා ගන්නා ආහාරවල පෝෂ්‍ය තොරතුරු පිළිබද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව සකස් කළ ආකාරය පිළිබඳ සැලකිලිමත් වීමද ඉතා වැදගත් වේ. තැම්බූ, හුමාලයෙන් සකස් කළ හෝ රෝසට් කරන ලද ආහාර සමඟ සසඳන විිට බදින ලද ආහාරවල වැඩි කැලරි ප්‍රමාණයක් සහ අහිතකර මේද සමන්විත වේ. ඔබ ලබා ගන්නා ආහාරවල කැලරි ප්‍රමාණය අන්තර්ජාලය ඔස්සේ හෝ අවන්හලෙන් විමසා දැනුවත් වීමට ඔබට හැකිය.ඔබගේ වෛද්‍යවරයාගේ හෝ පෝෂණවේදියාගේ උපදෙස් මත කටයුතු කිරීමට සැමවිටම වගබලා ගැනීම ඉතා වැදගත් වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *