Current Date:මාර්තු 28, 2024

ප්‍රයෝජනවත් ව්‍යායාම

නිවසේදීත් ක්‍රියාශීලිව සිටීම, දැන් ඔබටත් කළ හැකියි. ඔබ ඒ සඳහා තවදුරටත් කාය වර්ධන මධ්‍යස්ථාන වල රැදෙමින්, ව්‍යායාම් ඇදුම් සහ උපකරණ සඳහා මුදල් වැයකිරීම අවශ්‍ය නොවේ.

ව්‍යායාමයේ වැදගත්කම.

දිනපතා ව්‍යායාම් කිරීමෙන් අපගේ ශරීර ක්‍රියාකාරිත්වය වර්ධනය වී, ඉන්සියුලින් සංවේදිතාවය වැඩීවීමක් සිදුවේ. මෙමඟින් රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය වීමක් සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබ තවත් ශක්තිමත් හා නම්‍යශීලි වී, ශරීරයේ බර පාලනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් ලබයි. සතියකට දින 4ත් 5ත් අතර විනාඩි 30ක් වන පරිදි මුලු ශරීරයටම වාසි වන ලෙස එරොබික්ස් වැනි ව්‍යයාමයක යෙදීම මේ සඳහා වඩාත් සුදුසුයි.

නිවසේදීම ක්‍රීඩා කිරීම.

ව්‍යායාම් ක්‍රමයකට හුරුවීමට පෙර ඔබගේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම වැදගත් වේ. ඔබ කලින් ව්‍යායාම නොකළ කෙනෙක්නම්, එක්වර වෙහෙස නොවී සෙමින් ඒ සඳහා යොමුවන්න. ඒ අතරතුර, විශේෂයෙන්ම ඔබ අලුත් ව්‍යායාමයක් පටන්ගැනීමෙදී ඔබගේ රුධිරයේ සීනි මට්ටම ව්‍යායාමයට පෙර, ගිමන් කාලයෙදී සහ ව්‍යයාමයට පසු යන ලෙස අදියර තුනකට පරීක්ෂා කරන්න. මෙයින් එම ව්‍යායාමය ඔබගේ රුධිරයේ සීනි මට්ටමට කෙසේ බලපානවාදැයි තීරණය කළ හැක. ව්‍යායාම් කරන අතරතුර ජලය පානය කිරීමට අමතරව සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් සකසා තබාගැනීමෙන් ඔබගේ රුධිරයේ සීනි මට්ටම එක වර සීඝ්‍රයෙන් පහත වැටීම වළක්වා ගත හැක.

නිවසේදීම නිතිපතා ව්‍යයාමයක් කිරීමට ගත යුතු පියවර.

  • විනාඩි 5ක් පමණ ඇඟ උණුසුම් වන ක්‍රියාවලියක යෙදෙන්න. මෙහිදී ඔබට අඩු වේගයකින් යුතු නර්තන චලනයක් යොදාගත හැකියි.
  • දැන් සුලු වශයෙන් ඔබේ අත්වල මාංශ පේශී චලනයන්, හබල් ගැසීමේ චලනයන් (rowing) වැනි ක්‍රියාවන් වෙතින් ආරම්භ කරන්න. එවා විනාඩි 5කට නොඅඩු වන සේ සකස්කරගන්න.
  • ඊලඟ විනාඩි 5 ඇතුළත යම් කිසි ඉඩ ප්‍රමාණයක් පුරා දිවීම, එක තැන දිවීම හෝ ජම්පින් ජැක්ස් වැනි ක්‍රියාකාරමක යෙදෙන්න.
  • මෙම මොහොත වන විට ඔබ පෙරට වඩා වැඩි වේගයකින් විනාඩි 2ක් පමණ ඔබගේ කැමතිම වේග රිද්ම ගීතයකට සවන් දෙන අතරතුර ක්‍රියාශිලීවන්න. ඔබ මෑතකදී ව්‍යායාම් වලට හුරු වූ කෙනෙක්නම් සති කිහිපයක් යනතුරු මෙම පියවර මඟහරින්න.
  • නැවතත් සැහැල්ලු වී, මධ්‍යස්ථ වේගයකින් විනාඩි 5ක් පමණ එක තැන දිවීම සිදුකරන්න.
  • දැන් කාය ශක්තිය දියුණු කිරීමේ ක්‍රියාවලියකට සූදානම් වන්න. මෙහිඳී බිත්තියක ආධාරයෙන් විනාඩි 20ක පුශ් අප්ස්, හෝ විනාඩි 20ක ඉඳගැනීමේ ඉරියව්වෙන් හබල් ගැසීමේ (rowing) ක්‍රියාකරකමක් හෝ විනාඩි 20ක් ස්කොට් කිරීම (දිග බංකුවක ආධාරයෙන්) වැනි ව්‍යායාමයක් කරන්න.

නිවසේදී ව්‍යායාම කිරීම සඳහා උත්තේජනයක් වශයෙන්:

-ඔබව සියලු ක්‍රියාකරකම් අවසන් කරන තෙක් රඳවා තබාගත හැකි වේග රිද්ම ගීත ලැයිස්තුවක් සූදානම් කරගන්න.

-ඔබගේ ප්‍රියතම රූපවාහිනි වැඩසටහන හෝ චිත්‍රපටයක් නරඹන අතරතුර ව්‍යායාම් වල යෙදෙන්න.

-ඒකාකාරී බවෙන් මිදීමට අලුත් ව්‍යායාම් ක්‍රියාවලීන් යොදාගන්න.

දැන් ඔබට තේරුම්යන පරිදි නිතිපතා ව්‍යායාම් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ. අවශ්‍ය වන්නේ ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය වේලාව සහ කැපවීම යෙදවීමයි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *