Current Date:අප්‍රේල් 19, 2024

බෙහෙත් මඟින් ප්‍රතිකාර

දියවැඩියාව පාලනයේදි ඖෂධීය හා ඖෂධීය-නොවන යන පිළිවෙත් දෙකක් අනුගමනය කෙරේ. සාමන්‍යයෙන් මුලින්ම ආරම්භ කරන්නේ ආහාර රටාවෙන් හා ව්‍යායාම් මඟින් හුරුකර ගත හැකි ඖෂධීය-නොවන පිළිවෙතක්ය. නමුත්, එය තවදුරටත් ප්‍රයෝජනවත් නොවන විට, ඖෂධීය පිළිවෙතක් එයට එක් කර ගැනීමට අවශ්‍ය වේ.

මෙලෙස බෙහෙත් මඟින් අරමුණු කරන්නේ අධි රුධිර සීනි මට්ටම හා රෝග ලක්ෂණ පාලනය කිරීම හා දිගුකාලීන සංකූලතා මඟහරවාගැනීමයි.

මෙහිදී මූලික ප්‍රතිකාර ලෙස මුඛ හයිපොග්ලයිසීමික්/ hypoglycemic medications (OHO) ක්‍රමය, හා ඉන්සියුලින් භාවිතා වේ. පහත සඳහන් වන්නේ එලෙස ඔබගේ ප්‍රතිකාර සිදුවිය යුතු ආකාරයයි, එය අනිවාර්යයෙන්ම වෛද්‍ය අනුමැතිය අනුව ලබාගත යුත්තකි.

Oral hypoglycemic agents (OHO) 

කොටස් 3කට බෙදා ඇති මෙම ප්‍රතිකර්මය භාවිතා වන්නේ වර්ග 02 දියවැඩියාව සඳහායි.

-Biguanides.

උදා: Metformin.

මෙමඟින් ඔබගේ අක්මාව තුළ නිපදවන ග්ලුකෝස් ප්‍රමාණය අඩුකර රුධිරයේ සීනි මට්ටම පහතට දමයි. තවද, Metformin මාංශ පේශී වල ඇති පටක ඉන්සියුලින් සඳහා තවත් සංවේදි කරවා එම සෛල තුළට ග්ලුකෝස් උරාගැනීම සිදුකරවයි.

-Sulfonylureas.

උදා: glimepiride, glipizide සහ glyburide.

මෙම බෙහෙත් වර්ගයෙන් ඔබගේ අග්න්‍යාශයට වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට උත්තේජනයක් වෙයි. මේවා මඟින් යම්කිසි අවස්ථාවක අඩු රුධිර පීඩනයක් ඇතිවිය හැකි. කෙසේනමුත්, මෙම රුධිර පීඩනය වෙනස්වීමකට ලක්වන්නේ මෙම ප්‍රතිකර්මයේ ඇති අතුරු ප්‍රතිඵල, ඒවා ලබාගන්න කාල සීමාව හා අනෙකුත් බෙහෙත් සමඟ ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුවයි.

-DPP-4 inhibitors.

උදා: Sitagliptin, linagliptin, Saxagliptin සහ Vildagliptin

මෙය GLP-1 යන සංඝටකය බිඳී යාම වළක්වයි. GLP-1 යනු රුධිරයේ සීනි මට්ටම පහත හෙළන, සිරුරේ ස්වභාවිකවම හටගන්නා සංඝටකයකි. කෙසේනමුත් මෙම GLP-1  සංඝටකය ඉතාමත් ඉක්මනින් බිඳවැටීමට ලක්වේ. එම නිසා DPP-4 inhibitors එයට එරෙහිව ක්‍රියා කර සිරුර තුළ වැඩි කාලයක් ක්‍රියාත්මක වීමට ඉඩ හැර, ඉහළට යා හැකි රුධිර සීනි මට්ටම්ද අඩු කරයි.

-Alpha Glucosidase Inhibitors.

උදා: Acarbose සහ miglitol

බඩවැල්වල ඇති පිශ්ඨය බිඳවැටීම නවත්වා රුධිරයේ සීනි මට්ටම පහළට ගෙන යෑම මෙයින් සිදුවේ. තවද, එමඟින් ග්ලුකෝස් බිඳවැටීම මන්දගාමී කර, ආහාර වේලකින් පසු රුධිර සීනි මට්ටම ඉහළ යාමද පාලනය කරයි.

-මුඛ සංයෝජන චිකිස්තාව. (Oral combination therapy)

ඉහත සඳහන් ප්‍රතිකර්ම සියල්ලම රුධිර සීනි මට්ටම අඩු කිරීමට හේතු වන බැවින්, වඩාත් පරිපූර්ණ ප්‍රතිඵලයක් සඳහා ඒ සියල්ලෙහිම එකතුවක් යොදාගැනීමටද පුළුවනි.

ඉන්සියුලින්.

මෙය වර්ග 01 දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට වඩාත් වැදගත් වේ. මෙම තත්ත්වයේදි අග්න්‍යාශ සෛල තුළින් ඉන්සියුලින් නිපදවීම නොවන නිසා, බාහිරින් ඉන්සියුලින් ඇතුළත් කිරීමක් සිදුවේ. මෙම ඉන්සියුලින් රුධිර නාල තුලින් සෛල වලට ග්ලුකෝස් රැගෙන ගොස් එයින් ශක්තිය නිපදවීමට උදව් වේ.

බාහිරින් ඉන්සියුලින් ලබාදීමේදි එය කොතරම් ඉක්මනට ප්‍රතික්‍රියා දක්වනවාද සහ කොපමණ වේලාවක් සිරුර තුළ රැදී තිබෙනවාද යන කරුණු මත, ඉන්සියුලින් වෙනස් වර්ග වලට බෙදා වෙන්කෙරේ.

ඉන්සියුලින් එන්නත් කරනු ලබන්නට වඩාත් ඉක්මනින් උරා ගැනීමේ හැකියාව ඇති උදරය, අත, ඉහළ කළවා හා තට්ටම් ප්‍රදේශය සුදුසු වේ. මෙය සමට යටින්, චර්මාභ්‍යන්තරව ලබදෙන්නා වූ එන්නතකි. ඔබගේ වෛද්‍යවරයා ඔබගේ රෝගී තත්ත්වය අනුව ඔබට සුදුසුම ඉන්සියුලින් වර්ගය ලබාදෙනු ඇත.

මෙහි අතුරු ප්‍රතිඵල තිබේද?

අනෙකුත් බෙහෙත් වර්ග සේම, රුධිර සීනි මට්ටම පහත දැමීමට ලබාගන්නා මෙම බෙහෙත් වලින්ද නොයෙකුත් අතුරු ආබාධ ඇතිවිය හැක. මෙලෙස හානිදායක වන ප්‍රතිඵල ඔබ ප්‍රතිකාර වලට යෑමට පෙර ලබාදෙන්නා වූ පත්‍රිකාවේ සඳහන් වේ. ඒවා පිළිබඳ මුලින්ම දැනුවත් වීම වඩාත් සුදුසු වේ. එහි සඳහන් අතුරු ප්‍රතිඵල ඔබ තුළින් පෙන්නුම් නොකරන්නටද ඉඩ ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රතිකාර පිළිබඳ ඇති ඕනෑම ගැටලුවක් විසඳා දීමට ඔබගේ වෛද්‍යවරයා ද සහය වන බවට සිහි තබාගන්න.

මතකයේ තබාගත යුතු කරුණු කිහිපයක්.

-ඔබගේ දියවැඩියා තත්ත්වයට දී ඇති බෙහෙත් ඔබ වෙනත් අසනීපයකට ලබාගන්නා බෙහෙත් සමඟ ලබාගැනීමේ ගැටලුවක් වේ දැයි වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

-බෙහෙත් සමඟ ඔබට ලැබෙන විස්තර පත්‍රිකාව හොඳින් කියවා ඔබට ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන අවබෝධයෙන් සිටින්න.

-සැමවිටම වෛද්‍යවරයා අනුමත කර ඇති මාත්‍රාව පමණක් ලබාගන්න, එය ඉක්මවා ලබාගත් අවස්ථාවක් වුවහොත් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

-කෙදිනකවත්  ඔබට සමාන රෝග ලක්ෂණ තිබෙන කෙනෙකු සමඟ ඔබේ බෙහෙත් වර්ග හුවමාරු කර ගැනීමෙන් වළකින්න.

දියවැඩියාව සුව නොකළ හැකි රෝගී ත්ත්ත්වයක් වුවද, ඔබගේ රුධිර සීනි මට්ටම එක් පරාසයක පාලනය කිරීමෙන් අහිතකර සංකූලතා වලින් තොර සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කිරීමේ හැකියාව ලැබේ. 

මූලාශ්‍රය: https://www.diabetes.org/diabetes/medication-management/oral-medication/what-are-my-options

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *