Current Date:අප්‍රේල් 20, 2024

දියවැඩියාව ඇති රෝගීන් පස්දෙනෙකුගෙන් එක් කෙනෙකු මෙම මානසික අවපීඩනයට ලක්වේ.

මෙවිට, දිනපතා ඔබගේ රෝගී තත්ත්වය පාලනය කිරීම ඉතාමත් පීඩාකාරි ක්‍රියාවක් ලෙස දැනිය හැකියි. එම හේතුව නිසා රෝගීන් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමට අධෛර්යමත් වන ස්වභාවයක් පෙන්නුම් කරයි. තව දුරටත්, ව්‍යායාම් කිරීම, හරි  වේලාවට සමබර ආහාර වේලක් ගැනීම, නිතිපතා බෙහෙත් ලබාගැනීමට ආදියට ද ඔවුන් නොසැළකිල්ලක් දක්වයි.

දියවැඩියා රෝගීන් අතර විශාදය ඇතිවන්නේ කෙසේද?

-රෝග විනිශ්චයට ලක්වූ වහාම.

-ඔබගේ ජීවිතයේ හැමදේම පාලනයකට අනුව සිදුවීමෙන් ජීවිතයේ හොඳ පැත්ත මඟහැරී ඇතිබව ට දැනෙන කනස්සලු ස්වභාවය.

-ඔබ තුළින් රෝගී තත්ත්වයක දිගුකාලීන සංකූලතා පෙනෙන බවට නිතරම අසන්නට ලැබීම.

-ඔබ ගන්නා වූ කිසිම පිළියමකින් ඔබගේ සීනි මට්ටමේ වෙනසක් ඇති නොවීම.

-දියවැඩියාවේ දරුණු සංකූලතා නිසා පීඩා විඳීම.

මෙවන් තත්ත්වයක් ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට සිදුවූවොත්, එය දැනුන‍ වහාම හඳුනාගෙන අදාළ පාර්ශවයක සහය පැතීම අනිවාර්යයි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *