Current Date:අප්‍රේල් 19, 2024

රුධිරයේ සීනි මට්ටම පාලනය කරමු

ග්ලුකෝස් ඔබගේ ශරීරයේ, විශේෂයෙන්ම ඔබගේ මොළයේ ශක්තිය නිපදවන ප්‍රධානම අංගයක් වේ. ග්ලුකෝස් ඔබගේ ශරීරයට ඇතුළුවන්නේ ඔබ ගන්නා ආහාර පාන මඟිනුයි. තවත් හෝමෝනයක් වන ඉන්සියුලින් ඔබගේ ශරීරය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා රුධිරයේ සීනි මට්ටම සාමන්‍ය පරාසයක රඳවාගනී. එයින් ඔබගේ දිනපතා සිදුකරන ක්‍රියාකාරකම් නිසිලෙස ඉටුකිරීම සඳහා ශරීරයේ තිබෙන ග්ලුකෝස් ඔබගේ සෛල තුළට ඇතුළුකර ශක්තිය නිපදවයි.

නිරාහාරව සිටින කාල සීමාවකදි 100 mg/dl සහ කෑමෙන් පැය 2කට පසු 140 mg/dl වලට නොවැඩි වන ලෙස රුධිරයේ සීනි මට්ටම් පාලනය විය යුතුයි. ඔබගේ සීනි මට්ටම මෙම පරාසයන්ට වඩා අඩු හෝ වැඩි වුවහොත් ඔබගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩාල වී, ඔබ දුර්වල විය හැකියි.

මෙම නිසා ඔබ දිනපතා ගන්නා කාබෝහයිඩ්‍රේට් සහ සීනි ධාරිතාව සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි.මන්ද එමඟින් ඔබගේ රුධිර සීනි මට්ටම වැඩිවීම සිදුකෙරේ.අඩු රුධිර සීනි මට්ටමකින් ද ඔබගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකියි. හයිපෝගලයිසීමියා යන මෙම තත්ත්වය හේතුවෙන් වෙව්ලීම, ක්ලාන්ත ගතිය, අවේලාවේ කුසගිනි වීම සහ කනස්සලු ස්වභාවයෙන් සිටීම වැනි අතුරු ප්‍රතිඵල ගෙනදේ. අධි සීනි මට්ටමක් ද ශරීරයට හිතකර නොවේ, එමඟින් යම් ශරීරාංග අහිතකර තත්ත්වයන්ට ගොදුරු වේ. නිසියාකරව අධි රුධිර මට්ටම පාලනය නොකිරීමෙන්, පෙනීම අඩුවීම, ඉක්මන් අසාදන තත්ත්වයන්, වකුගඩු හානි සහ තුවාල හොඳවීම මන්දගාමි වීම ඇති විය හැකියි.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ගත හැකි පියවර.

–සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක මූලික රහස මෙයයි. ඔබ දියවැඩියා රෝගියෙක්නම්, ඔබ ගන්න ආහාර ඔබගේ රුධිරයේ සීනි මට්ටම සඳහා ඍජු බලපෑමක් ඇතිකරයි. එම නිසා ඔබ ගන්නා ආහාර වර්ග, ප්‍රමාණය සහ ආහාර ගන්න වේලාවන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා ඔබට වැඩි සීනි ප්‍රමාණයකින් යුතු පලතුරු හෝ එලවළු ආහාර වේලට එකතු කරගත හැකියි.

-ක්‍රියාශීලීව සිටීම.

නිසියාකාර ව්‍යායාම මෙහිදී වඩාත් වැදගත් වේ. ව්‍යායාම් කිරිමේදි මාංශ පේශී හැසිරවීමෙන් ඔබගේ සීනි මට්ටම තුලින් ශක්තිය නිපදවා, ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගෙන රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගනී.

-සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්.

ආතතිය මඟහරවාගෙන, මත්පැන් පානය අඩු කිරීම මෙහිදී විශේෂ වේ. ඔබ ආතතියට පත්වී ඇති අවස්ථාවක ඔබගේ ශරීරයෙන් නිපදවෙන හෝමෝන මඟින් රුධිරයේ සීනි මට්ටම ඉහළට යෑමක් සිදුවේ. මත්පැන් භාවිතයෙන් ද ඉන්සියුලින් ස්‍රාවය වීම ඉහළ ගොස් අඩු රුධිර සීනි මට්ටමක් ඇතිවිය හැකියි. මෙයින් දියවැඩියා සහිත රුධිර සීනි රටාවන් නරක අතට හැරේ.

-රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම.

දිනපතා සීනි මට්ටම පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් වේ. මේ සඳහා ඔබට ළඟම සෞඛ්‍ය සේවා ආයතනයට ගොස් හෝ නිවසේදීම ඊට සුදුසු උපකරණයක් භාවිතා කර, සීනි මට්ටම සාමාන්‍ය මට්ටමක ඇති බවට තහවුරු කරගත හැකියි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *