Current Date:අප්‍රේල් 23, 2024

සීනි අඩු කර ගන්න හැටි

බේ සීනි ප්‍රමාණය අඩු කර ගත හැකි පහසු ක්‍රමයක් නම් දෛනිකව භාවිතා කරන සීනි වෙනුවට කැලරි රහිත පැණි රසකාරකයක් ආදේශ කර ගැනීමයි. මෙයින් අදහස් වන්නේ ඔබ පැණි රස ආහාර ලබා ගන්නා අතරම ඔබේ සීනි මට්ටම ඉහළට යාමට ඉඩ නොදී ඇතැම් ආහාර භුක්ති විදීමට ඔබට හැකි බවයි. අධික තරබාරුව සහිත පුද්ගලයින්ටද ඔවුන්ගේ කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමට මෙවැනි රසකාරකයක් භාවිතා කිරීම වාසි දායකය. සුක්රලෝස් යනු එක්සත් ජනපදයේ FDA අනුමත කරන ලද පැණි රස කාරකයක් වන අතර එය සීනි ආදේශකයක් ලෙස ආරක්ෂිතව රස විඳිය හැක. එය උණුසුමෙන් බලපෑමට ලක් නොවන බැවින් ආහාර පිසීමට මෙන්ම උණුසුම් පානයන් සඳහාද භාවිතා කළ හැක. කෙසේ නමුත් මෙම අස්පාටේම් පැණි රස කාරකය තරමක් විවාදාත්මක වේ. එය සෞඛ්‍ය තත්ත්වයන්ට අහිතකර ලෙස බලපා හැකි බවටද අනුමානයක් පවතී. ගර්භණී මව්වරුන්, දරුවන් හා ෆිනයිල් කෙටෝනූරියා (PKU). – රෝගයෙන් පීඩා විඳීන්නන් හට නිර්දේශ නොකරයි. එම නිසා ඔබ බාවිතා කරන රසකාරකය හොඳීන් පරික්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *