Current Date:අප්‍රේල් 25, 2024

හයිපෝග්ලයිසීමියා

බගේ රුධිරයේ සීනි මට්ටම සාධක කිහිපයක් මත අඩු හෝ වැඩි විය හැකියි. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර, එය සාමාන්‍ය සීනි මට්ටමෙන් වෙනස් වූවත් එය හයිපෝග්ලයිසීමියා  තත්ත්වයක්  බවට හඳුනාගැනීම තරමක් අපහසුයි. කෙසේ නමුත්, සීනි මට්ටම තිබිය යුතු පරාසයෙන් සැලකිය යුතු ලෙස පහළට ගියහොත්, එය හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම ගැටලු රැසකට මුල පුරයි. මෙලෙස රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය පරාසයට වඩා පහත වැටීම හයිපෝග්ලයිසීමියා හෝ අඩු රුධිර සීනි මට්ටමක් ලෙස හඳුන්වයි. හයිපෝග්ලයිසීමියා තත්ත්වය සාමන්‍යයෙන් ඇති වන්නේ සීනි මට්ටම 70 mg/dL ට වඩා අඩු වූවොත් පමණයි. ඔබගේ තත්ත්වය අනුව අඩු රුධිර සීනි මට්ටම කුමක්දැයි ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසිය යුතුයි. මෙය රෝගී තත්ත්වයක් නොවන නමුත් තවත් සෞඛ්‍ය ගැටලු රාශියක ආරම්භයක් බව ඔබ සිහියේ තබා ගත යුතුයි. තවද, මෙය ඉන්සියුලින් ප්‍රතික්‍රියාවක් හෝ කම්පනයක් ලෙස හැඳින්විය හැකියි. (Insulin reaction or shock)

හයිපෝග්ලයිසීමියා වැළදීමට හේතු මොනවාද?

හයිපෝග්ලයිසීමියා සාමාන්‍යයෙන් ඇතිවන්නේ දියවැඩියා රෝගීන්ටයි. දියවැඩියාව නොමැති අය ආහාර ගැනීමෙන් පසු වැඩිපුර ඉන්සියුලින් නිපදවීම මෙලෙස ප්‍රතික්‍රියාශීලී හයිපෝග්ලයිසීමියාවක් (Reactive hypoglycemia) ලෙස හැඳින්වේ. මෙලෙස ඇතිවිය හැක්කේ දියවැඩියාවට ප්‍රථම අවධියෙදී හෝ, ආහාර ගැනීමෙන් පැය කිහිපයකට පසුව හෝ, ආමාශය ආශ්‍රිත සැත්කමකට පසු හෝ දුර්ලභ එන්සයිම ගැටලු ඇති අවස්ථාවකයි.(Enzyme disorders) Reactive hypoglycemia යනු දියවැඩියාවේ මුල් අවස්ථාවක් විය හැකියි. Fasting hypoglycemia තත්ත්වය ප්‍රතිඵලය රෝගී තත්වයක් හෝ ප්‍රතිකාර සඳහා යොමුවීමක් විය හැකියි. මෙම තත්ත්වයන් දෙකටම ගොදුරු වීමට ඔබ දියවැඩියා රෝගියෙකු වීම සාධයක් නොවේ. මේ අතරින් Fasting hypoglycemia යන තත්ත්වය ඇතිවිය හැක්කේ ඇස්ප්‍රින් (sulfa drugs) වැනි ඖෂධ භාවිතයෙන්, වැඩිපුර මත්පැන් භාවිතයෙන් (binge drinking), අක්මාව, වකුගඩු, අග්න්‍යාශය හා හදවත ආශ්‍රිත ගැටලු, සමහර හෝමෝන වර්ග වල අඩු මට්ටමක් සහ අග්න්‍යාශය ආශ්‍රිත ගැටිති යන තත්ත්වයන් වලින්ය.

නමුත්, දියවැඩියා තත්වයකදී, හයිපෝග්ලයිසීමියා ඇතිවිය හැක්කේ දියවැඩියා ඖෂධ, මත්පැන් සහ allopurinol, probenecid, warfarin යන ඖෂධ භාවිතය නිසා විය හැකියි.

හයිපෝග්ලයිසීමියා වැළදීමේ පොදු සාධක ලෙස පහත සඳහන් කරුණු දැක ගත හැක:

-වැඩිපුර ඉන්සියුලින් හා බෙහෙත් භාවිතය. (ඔබ ලබගන්නා ආහාර හා ඔබ ගන්නා ඉන්සියුලින් ප්‍රමාණය සමාන නොවන අවස්ථාවක.)

-අධික ලෙස සීනි සහිත ආහාර භාවිතය.

-ප්‍රමාණවත් හෝ ක්‍රමවත් නොමැති ලෙස ආහාර ගැනීම.

-හිස් බඩ සිටියදී මත්පැන් පානය.

මෙම හයිපෝග්ලයිසීමියා තත්ත්වයේ ලක්ෂණ මොනවද?

මෙම ලක්ෂණ හයිපෝග්ලයිසීමියාවේ තත්වය හා වැළදී ඇති කාලය මත වෙනස් විය හැකියි.

-කුසගින්න

-වෙව්ලීම

-කනස්සලු ස්වභාවය

-දහඩිය ඩැමීම

-සම සුදු මැලිවීම

-අසාමාන්‍ය ලෙස වේගවත් හෘද ස්පන්දනය

-නිදිමත

-ඔලුව රදය

-නුරුස්නා බව

-මානසික ව්‍යාකූලතාවය

-පෙනීම බොඳවීම

-නින්ද නොයාම

-සිහිය නැතිවීම

-අවධානය නැතිවීම

–අසාමාන්‍ය ලෙස දරුණු වීම

මෙයට ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද?

ශරීරයට ගැළපෙන ආකාරයෙන් සීනි භාවිතා කිරීමෙන් මෙය වළක්වා ගත හැකියි. හයිපෝග්ලයිසීමියා තත්ත්වයෙන් පෙළෙන දියවැඩියා රෝගීන්ට කාබෝහයිඩ්‍රේට් ග්‍රැම් 15-20 අතර පරිභෝජනයට ගැනීම සුදුසුයි. නමුත් ඉන් විනාඩි 15කට පමණ පසුවත් ඔබට තවමත් හයිපෝග්ලයිසීමියා තත්ත්වය පවතීනම්, ඔබ වහාම රෝහලකට යා යුතුයි. නිතරම මෙම තත්ත්වය ඇතිවන හයිපෝග්ලයිසීමියා රෝගින් ට විසදුමක් ලෙස සීනි සහිත පෙති වර්ග හෝ කෙටි පැණි රස ආහාරයක් ළඟ තබා ගත හැකියි. නමුත්, මෙය ඔබගේ රෝගි තත්ත්වය මඟහරවාගැනීමට මිස ඔබට පැණි රස ආහාර රස විඳීමට අවස්ථාවක් නොවන බව සිහි තබා ගත යුතුයි. දියවැඩියාව නොමැති රෝගියකුට මේ සඳහා ප්‍රතිකාර කිරිමේදි ඔවුන්ට එම තත්ත්වය වැළදීමට හේතුව හඳුනා ගැනීම ඉතා වැදගත්. රෝගියා ලබාගන්නා බෙහෙත් එයට හේතුවුවානාම්, එම බෙහෙත් වට්ටෝරුව වෙනස් විය යුතුයි. එය හට ගෙන ඇත්තේ ශරීරයේ යම් තැනක ඇති ගැටිත්තක් නිසානම්, සැත්කමින් එය ඉවත් කළ යුතුයි නැතහොත් රෝගියා සිහිය විකල්වී, ක්ලාන්තය දැමුවහොත් වහාම රෝහල වෙත රැගෙන යායුතුයි.

හයිපෝග්ලයිසීමියා තත්ත්වයෙන් වැළකීම.

රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය පරාසයක තබාගැනීමෙන් මෙම තත්ත්වයෙන් වැළකීමට ඉඩකඩ ලැබේ.

දියවැඩියා රෝගියකුට හයිපෝග්ලයිසීමියා තත්ත්වයෙන් මිදීමට පහත කරුණු වැදගත් වේ:

-කෑම වේල් තුන නිසියාකාරයෙන් ලබාගැනීම සහ එම වේලක් අතරමැද සුළු ආහාරයක් ගැනීම.

-කෑමෙන් පැයකට පසු විනාඩි 30ක් ව්‍යායාම් වල නිරත වෙමින්, ව්‍යායාම් වලට පෙර හා පසු සීනි මට්ටම පරීක්ෂා කිරීම.

-ඉන්සියුලින් ලබාගැනීමේදි සැලකිළිමත් වීම. ඔබට වෛද්‍යවරයා අනුමත් කර ඇති මාත්‍රාව පමණක් ලබාගැනීම.

-මත්පැන් භාවිතය අත්හැරීම.

-නිරන්තරයෙන් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම.

ඔබ දියවැඩියා තත්ත්වයෙන් තොරයි නම්, හයිපෝග්ලයිසීමියා තත්ත්වයෙන් වැළකී සිටීමට  පැය කිහිපයකට වරක් කෙටි ආහාරයක් ලබාගැනීම සුදුසුයි. එම ආහාර වැඩි ප්‍රෝටීන්, කෙඳි හා මේදය අඩංගු, සීනි වලින් තොර ඒවා බව මතක තබාගන්න. අඩු GI කාබෝහයිඩ්‍රේට් ලබාගැනීමද දියවැඩියාව නොමැති අයට තවත් කදිම තෙරීමක් වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *