Current Date:අප්‍රේල් 20, 2024

හයි‍පර්ග්ලයිසීමියා

සාමාන්‍ය සීනි මට්ටම ඉක්මවා ඔබගේ රුධිරයේ සීනි මට්ටම පවතින තත්ත්වයකදී එය හයිපර්ග්ලයිසීමියා ලෙස හැඳින්විය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, නිරාහාරව සිටින කාල සීමාවකදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම 7.0mmol/l (126 mg/dl) ඉක්මවීම fasting hyperglycemia යනුවෙන් හඳුන්වන අතර, ආහාර ගැනීමෙන් පැය 2කට පසු ග්ලූකෝස් මට්ටම 11.0 mmol/l (200 mg/dl) ඉක්මවීම postprandial hyperglycemia යන තත්ත්වයක් ලෙසට තහවුරු වී ඇත. මෙය දියවැඩියා තත්ත්වයක් විනිශ්චය කිරීමෙදී යොදගන්නා පොදු සාධකයක් වේ. දියවැඩියා රෝගියෙක් බර ආහාර වේලක් ලබාගැනීමෙන් පසු හැරෙන්න, ඔවුන්ගේ සීනි මට්ටම 140 mg/dl, ඉක්මවීම ඉතාමත් දුර්ලභ අවස්ථාවකි.

මෙලෙස අධි රුධිර සීනි මට්ටමක් ඇතිවන්නේ බොහෝවිට ග්ලුකෝස් වැඩිපුර ඇතුළත් ආහාර වේලක් ලබාගැනීමෙන් පසුවයි. දිගු කාලීනව හයිපර්ග්ලයිසීමියා තත්වයෙන් පෙළෙන රෝගීන් තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිපද නොවීම හෝ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය නිසියාකරයෙන් ශරීරය තුළ භාවිත නොවීම හට ගනියි.

ඉන්සියුලින් වලට අමතරව හයිපර්ග්ලයිසීමික් තත්වය උදා වීමට තවත් හේතු ද අදාලවේ:

-සීනි වැඩි ආහාර නිතරම ආහාරයට ගැනීම.

-නිතිපතා ව්‍යායාම් නොකිරීම හෝ උදාසීනව සිටීම.

-ආතතිය.

-නියම කර ඇති බෙහෙත් නිසි පරිදි භාවිතයට නොගැනීම.

-වෙනත් ආසාදනයක් හෝ අසනීප තත්ත්වයක් තිබීම.

හයිපර්ග්ලයිසීමියා තත්ත්වයක ලක්ෂණ:

-නිරාහාරව සිටියදී 126 mg/dl ඉහළ සහ කෑමෙන් පැය 2කට පසු 200 mg/dl ඉහළ අධි ග්ලුකෝස් මට්ටමක් ඇතිවීම.

-නිතරම මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය.

-අසාමාන්‍ය පිපාසය.

-ඔලුව රදය.

-අවදානය නැතිවීම.

-පෙනීම බොඳවීම.

-ශරීරය දුර්වල වීම.

-අසාමාන්‍ය බර අඩුවීම.

මෙම ලක්ෂණ ඔබටත් පෙන්නුම් කරනවානම්, වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

හයිපර්ග්ලයිසීමියා තත්ත්වයට නිසියාකාරව ප්‍රතිකාර නොකිරීමෙන් තවත් දරුණු සංකූලතා මතුවිය හැකියි:

-සමෙහි හා යෝනි මාර්ගයේ අසාදන ඇතිවීමට වැඩි අවධානමක්.

-සුවවීමට කල් ගත වන තුවාල.

-පෙනීම අඩුවීම.

-වේදනාව, හිරිවැටීම හා ශිෂ්ණය ඍජු නොවීම (Erectile dysfunction) ආදී ස්නායු අබාධ.

-ජීරණ පද්ධතියේ ගැටලු

-වකුගඩු ආබාධ. (Vascular and kidney disorders)

ප්‍රතිකාර.

දියවැඩියාවෙන් පෙළෙන රෝගියකුගේ හයිපර්ග්ලයිසීමියා තත්ත්වයකට ප්‍රතිකාර කිරීම දිගුකාලීන හා අඛණ්ඩව කළ යුතු ක්‍රියාවලියකි.

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පහත වේ:

-වැඩිපුර ජලය පානය කිරීම, එමඟින් මුත්‍රා සමඟ සීනි ශරීරයෙන් පහව යා හැකියි. (මේ සඳහා ඔබගේ වකුගඩු හොඳ සෞඛ්‍ය තත්වයක තිබිය යුතුයි.)

-වෛද්‍ය අනුමැතිය ඇතිව දිනපතා ව්‍යායාම් වල යෙදීම.

-දියවැඩියව සඳහා සුදුසු ආහාර පාලනය කිරීමේ සැලැස්මක් අනුගමනය කිරීම.

-දියවැඩියා තත්ත්වයට ලබා දී ඇති බෙහෙත් හරියාකාරව ලබාගන්න.

හයිපර්ග්ලයිසීමියා තත්ත්වයෙන් වැළකීම.

-හයිපර්ග්ලයිසීමියා තත්වය ඇති රෝගීන්ගේ ආහාර ගැනීමේ සැලැස්ම ඔවුන් ගත යුතු ආහාර වර්ග, ප්‍රමාණය හා ආහාර වල එකතුව මත සැකසිය යුත්තකි. ඉහල සීනි මට්ටමකින් යුතු ආහාර වලින් වැළකී, වැඩිපුර එලවළු සහ පලතුරු කෑම වේලට යොදාගැනීම මෙහිදී වඩාත් සුදුසුයි. තවද, අඩු GI කාබෝහයිඩ්‍රේයිට් අඩංගු ආහාර ගැනීමද වැදගත් වේ.

-රුධියේ සීනි මට්ටම පාලනය වීම සඳහා අඩුම තරමේ දිනකට විනාඩි 30ක් වත් ව්‍යායාම් වල යෙදෙන්න. මෙමඟින් ඔබගේ ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයද වැඩි වේ.

-රුධිර සීනි මට්ටම දිනකට හෝ සතියකට කිහිප වතාවක් අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *