Current Date:අප්‍රේල් 25, 2024

Glycemic දර්ශකය

බ කාබෝහයිඩ්‍රේට ආහාරයට ගන්නා විට රුධිරයේ සීනි මට්ටම ඉහල ගියද, ග්ලූකෝස් ඔබේ ශරීරයේ

ප්‍රධානතම ඉන්ධනය බැවින් ඔබට ඉදිරියටත් කාබෝහයිඩ්‍රේට අන්තර්ගත ආහාර අනුභව කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

දියවැඩියා රෝගීන් සඳහා එවැනි ආහාර නිර්දේශ කරන විට ග්ලයිසමික් දර්ශකය, ඉහළ අගයක් හෝ පහළ අගයක් ගත්තද ඒ පිළිබඳ ආහාර ඇසුරුම් පෝෂණ කරුණු වල අඩංගු වේ.

දියවැඩියා රෝගීන් මේ පිළිබඳ දැනගත යුතු වන්නේ ඇයි?

අග්න්‍යාශයේ එන ඉන්සියුලින් ශ්‍රාවය කිරීමට රුධිරයේ ඇති ග්ලූකෝස් උපකාර කරන අතර මෙම ඉන්සියුලින් රුධිරයේ ඇති ග්ලූකෝස් ඉවත් කර සෛල වලට උරා ගැනීම සිදු කරයි. අඩු ග්ලයිසමික් දර්ශකය නිසා අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය වීමට ඇති අවශ්‍යතාවය අඩු වීම නිසා දිගුකාලීන දියවැඩියාව පාලනය වේ.

GI වර්ගීකරණය:

  • <55: අඩු
  • 56-69: මධ්‍යම
  • > 70( ඉහළ)

රුධිරයේ ඇති ඉන්සියුලින්  ශ්‍රාවය කිරීම උත්තේජනය කරන අතර–

GI අගයන්ට බලපාන සාධක

  • ආහාර සෑදීමේ ක්‍රියාවලිය

ආහාර සෑදීමේ ක්‍රියාවලිය එහි  GI අගය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. උදාහරණයක් ලෙස පැස්ටා පිෂ්ඨය විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයක් වන අතර එය පිසින විට හෝ වැඩි කාලයක් රත් කරන විට එහි GI අගය වැඩි වේ.

  • ආහාර  ඉදීමේ මට්ටම

පලතුරු සදහා මෙය අදාළ වේ. පලතුරු ඉදුණු විට එහි GI අගය වැඩි වේ. කෙසෙල් එවැනි පළතුරකි.

  • අප එකවර ආහාරයට ගනු ලබන වෙනත් ආහාර

අපි සාමාන්‍යයෙන් සෑම ආහාර වේලක් සමග විවිධ ආහාර අනුභව කරනු ලබයි. විවිධාකාර GI අගයෙන් යුතු ආහාර, ආහාරවේලෙහි  සමස්ත GI අගයට බලපායි. උදාහරණයක් ලෙස දුඹුරු  පාන් පමණක් ආහාරයට ගන්නා විට ඉහල GI අගයක් ඇති නමුත් පරිප්පු සමඟ දුඹුරු  පාන්  ආහාරයට ගන්නා විට GI අගය මධ්‍යස්ථ වේ. කෙසේ නමුත් අඩු GI ආහාර වල පවා සැලකිය යුතු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් අඩංගු බව මතක තබා ගනිමින් මධ්‍යස්ථ ලෙස ඒවා අනුභව කිරීම  වඩා වැදගත් වූවකි.

ඔබේ ආහාර වේලෙහි කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය හා ගුණාත්මකත්වය තීරණය කිරීමට GI ඔබට උදව් කරනු ලබයි. පහත දැක්වෙන්නේ විවිධ GI මට්ටම් සහිත ආහාර වර්ග වේ.

  • GI අගය අඩු – සම්පූර්ණ ධාන්‍ය වර්ග, පිෂ්ඨය අඩංගු නොවන එලවළු.
  • GI අගය මධ්‍යම – රතු සහල්, සුදු තිරිඟු, බතල, බීට්, ඉරිඟු,  කොළ ලූනු, කිවි, ගස්ලබු, අන්නාසි, මුද්දරප්පලම් සහ කොමඩු.
  • GI අගය ඉහළ- සුදු සහල්, සුදු පාන් සහ අර්තාපල්.

විවිධ ආහාර වල GI මට්ටම් සලකා බැලීම ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට දායක වන එක් සාධකයකි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම සඳහා විවිධ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ආහාර අනුභව කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම ඔබේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා දායක වන්නකි.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *