Current Date:අප්‍රේල් 20, 2024

දියවැඩියාව හඳුනා ගනිමු!

ඔබ පහත රෝග ලක්ෂණයන්ගෙන් පීඩා විදින්නේද? සමෙහි කැසීම, නිතර මුත්‍රා කිරීම හෝ හදිසියේ සැලසුම් නොකළ ලෙස ශරීර බර අඩු වීම යනාදිය දියවැඩියා රෝග ලක්ෂණ විය හැකිය. කෙසේ වෙතත් නිෂ්චිත රෝග විනිශ්චයක් සඳහා රුධිර පරික්ෂණ කිහිපයක් පවතී.

දියවැඩියාව සහ රුධිර සීනි මට්ටම

සාමාන්‍ය තත්ත්වය යටතේ අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ සීනි නියාමනය සඳහා කටයුතු කරනු ලබයි. මෙම ක්‍රියාව මඟින් රුධිර සීනි, සෛල මඟින් ශක්තිය ලෙස භාවිත කිරීමට ඉඩ සලසයි. අතිරික්ත ශක්තිය අක්මාව හා මාංශ පේශිවල ග්ලයිකොජන් සංචිත ලෙස ගබඩා වේ. ඉන්සියුලින් නිෂ්පාදනය හා ක්‍රියාකාරීත්වය අඩාල වූ විට, ඔබේ ශරීර සෛලවලට සීනි භාවිත කළ නොහැක. මෙය රුධිරයේ සීනි එක්තැන් වීමට හේතු වේ.

රෝගියෙකු රෝගයට ගොදුරු වූ බවට සංකූලතාවයන් පෙන්වන විට දියවැඩියාව ලෙස රෝගය හදුනා ගනු ලබයි. ආතතිය සහ වියපත් වීම වැනි ලක්ෂණ මඟින් ඇතැමුන් තමන්ට දියවැඩියාව වැළඳී ඇතැයි සැකයක් ඇති කරගනු ලබයි.

පූර්ව දියවැඩියා රෝග විනිශ්චය සහ නිසි ප්‍රතිකාර මඟින් පෙනීමේ සිදුවන දුර්වලතා සහ වකුගඩු හානි වීම් වළක්වා ගත හැක.

මෙම රෝග විනිශ්චයන් රුධිර සීනි පරීක්ෂාව මත පදනම් විය යුතුය.

රුධිර සීනි මට්ටම පරික්ෂාව

ඔහු හෝ ඇය දියවැඩියා රෝගියෙක් දැයි දැන ගැනීමට හැකිවන පරිදි රසායනාගාර රුධිර පරීක්ෂණයක් සිදු කිරීම ඉතා සුදුසු වේ. එ සඳහා සිදු කළ හැකි රුධිර පරීක්ෂණ කිහිපයකි.

HbA1c පරීක්ෂාව

රුධිරයේ ප්‍රවාහනය කරන සීනි, රතු රුධිර සෛලවල ඇති ප්‍රෝටීන් සංඝටකයක් වන හිමොග්ලොබින් සමඟ සම්බන්ධ වේ. මෙම HbA1c පරීක්ෂාව මඟින් පසුගිය මාස 3 තුළ හිමොග්ලොබින්වල අනුයුක්ත සීනිවල සාමාන්‍ය අගය පරීක්ෂා වන අතර රෝගියා නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ.

HbA1c පරීක්ෂාවේ ප්‍රතිඵල පහත පරිදි වර්ග කළ හැක.

  • සාමාන්‍ය- 5.7% ට වඩා අඩු
  • පූර්ව දියවැඩියාව-  5.7%- 6.4% අතර
  • දියවැඩියාව- 6.5% හෝ වෙනත් පරීක්ෂණ දෙකකින් මෙම අගය ඉක්මවා ගොස් ඇත්නම්

නොගැළපෙන ප්‍රතිඵල පවතින අවස්ථාවකදී,  ගර්භණීභාවය හෝ හිමොග්ලොබින් වෙනස්වීම්වලදී වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. රුධිරයේ සීනි මට්ටම, නිරාහාරව ගනු ලබන රුධිර සීනි පරීක්ෂණයකදී හෝ ඕ.ජී.ටී.ටී  පරීක්ෂණ මෙයට ඇතුළත් වේ.

සූදානම් වීමකින් තොරව ගනු ලබන රුධිර ග්ලූකොස් ස්පරීක්ෂණය

මෙම පරීක්ෂණය ඕනෑම වෙලාවක කළ හැක. විශේෂ සූදානමක් අවශ්‍ය නොවේ. එහි ප්‍රතිඵලය ඩෙසිලීටරයකට මිලි ග්‍රෑම් 200ක් නම් හෝ එය ලීටරයකට මිලිමීටර 11.1ට හෝ ඊට වැඩිනම් දියවැඩියා තත්ත්වයක් ලෙස හදුනාගත හැක.

නිරාහාරව ගනු ලබන රුධිර සීනි පරීක්ෂණය

මෙම පරීක්ෂණය සඳහා ආසන්න වශයෙන් ඔබ පැය 8ක් නිරාහාරව සිටිය යුතුය. මෙම පරීක්ෂණයෙහි

ප්‍රතිඵල පහත පරිදි හදුනාගත හැක.

  • සාමාන්‍ය තත්ත්වය- මි.ග්‍රෑ 100/ඩෙ.ලී (5.6 මි.මෝ/ලී)
  • පූර්ව දියවැඩියා තත්ත්වය- මි.ග්‍රෑ/ඩෙ.ලී 100-125 අතර (5.6 සිට 6.9 මි.මෝ/ලී දක්වා)
  • දියවැඩියාව- මි.ග්‍රෑ/ඩෙ.ලී 126 (7 මි.මෝ/ලී) හෝ වෙනත් පරීක්ෂණ දෙකකින් මෙම අගය ඉක්මවා යයි නම්.

ඕ.ජී.ටී.ටී පරීක්ෂණය

මෙම පරීක්ෂණය නිරාහාර රුධිර සීනි මට්ටම් පරීක්ෂා කිරීමෙන් සිදු කළ හැක. රාත්‍රියේ පැය 8ක කාලයක් නිරාහාරව සිටීමෙන් පසු දින උදෑසන රුධිර සීනි මට්ටම පරීක්ෂා කරනු ලබයි. ඉන්පසු ඔබට සීනි මිශ්‍රිත දියරයක් පානය කිරීමට ලබා දෙන අතර පැය දෙකකට පසු ඔබේ රුධිර සීනි මට්ටම නැවත පරීක්ෂා කරනු ලබයි. මෙම ඕ.ජී.ටී.ටී පරීක්ෂණයෙහි ප්‍රතිථල පහත පරිදි හදුනාගත හැක.

  • සාමාන්‍ය- මි.ග්‍රෑ/ඩෙ.ලී 140ට අඩු (7.8 මි.මෝ/ලී)
  • පූර්ව දියවැඩියා තත්ත්වය- මි.ග්‍රෑ/ඩෙ.ලී 140-199 අතර (7.8 සිට 11.0 මි.මෝ/ලී දක්වා )
  • දියවැඩියාව-  මි.ග්‍රෑ/ඩෙ.ලී 200 (11.1 මි.මෝ/ලී) හෝ ඊට වැඩිනම්

පරීක්ෂණ හොදින් සිදු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම රෝගය කළමනාකරණය හා ප්‍රතිකාර සඳහා උපකාර වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *