Current Date:අප්‍රේල් 18, 2024

සීනි යනු?

ප සියලු දෙනා ආශා කරන මූලික කාබෝහයිඩ්රේටයක් වන සීනිවල රසායනික නාමය වන්නේ සුක්රෝස් ය. මෙය ස්වාභාවිකම එළවලු හා පළතුරු ඇතුලු සියලුම ශාකමය ආහාර තුල දක්නට ලැබේ.
ඩයිසැකරයිඩයක් වන සුක්රෝස් (di=2) මොනොසැකරයිඩ (මොනෝ=1) ග්ලූකොස් සහ ෆ්රක්ටෝස් වලින් සාදා ඇත. සියලුම මොනොසැකරයිඩ සහ ඩයිසැකරයිඩ සීනි ලෙස සැලකේ. අධික සීනි දියවැඩියාවට සාධකයක් වන බව අප කවුරුත් දන්නා කරුණකි. එම නිසා සීමාව ඉක්මවා සීනි පරිභෝජනය නොකිරීමට අප වග බලා ගත යුත්තකි. මෙය පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වන අතර වඩා වැදගත් වන්නේ අප ගන්නා ආහාර වේල වඩා සමබර හා විවිධත්වයෙන් යුත් සමබර ආහාර වේලක් ලෙස තෝරා ගැනීමයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස, දියවැඩියාව නොවන පුද්ගලයෙකුට දිනකට පාරිභෝජනය කිරීමට සීනි ග්‍රෑම් 25ක් / තේ හැඳී 6ක් පමණ සුදුසුය. කෙසේ වෙතත්, ඉහත රූපයේ දැක්වෙන පරිදි, ශ්‍රී ලාංකිකයෙකුගේ සාමාන්ය සීනි පරිභෝජනය දිනකට සීනි ග්‍රෑම් 36 ක් වන අතර පුද්ගලයෙකු පැණිරස ආහාර හා පාන වර්ග අනුභව කරන විට මෙම ප්‍රමාණය දෙගුණයක් බවට පත් වේ.

Share

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *